30 C
Negombo
30 C
Negombo

කානික්ක පෙට්ටි කැඩූ තිදෙනා රක්‍ෂිත බන්ධනාගාරයට

-

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශවල දේවස්ථානවලට අයත් කානික්ක පෙට්ටි කඩා මුදල් සොරකම් කිරීමේ යෙදුනු කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මෙම මස 18 වන දකවා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝග කළේය

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ රාජගිරියේ පදිංචි 50 හැවරදී කාන්තාවක් සහ කොලබ 14 සහ වෙනප්පුවේ පදිංචිකරුන් දෙදෙනෙකි

මුරුතැන කිතුනු දේවස්ථානය මගින් සවිකර ඇති කානික්ක පෙට්ටියක් කඩා මුදල් සොරකමක් සිදුකරමින් සිටිනබවට කොච්ච්කඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රිනික ජයකොඩි මහතාට   ලැබුණු තොරතුරකට අනුව අලුයම 4.00 ට පමණ උපපොලිස් පරීක්‍ෂක දිසානායක සහ සැරයන් ජයන්ත වීරසිංහ  යන නිලධාරී සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

මෙම සැකකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ මාර්ග අසල ස්ථාපිත කර ඇති කානික්ක පෙට්ටි සහ පිං පෙට්ටිබව සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content