25 C
Negombo
25 C
Negombo

තනතුරු තාවකාලිකයි – රාජ්‍ය ආයතනවල ඇත්තේ ජනතාවසතු සම්පත්

-

තමා මෙම තනතුර දරන්නේ තාවකාලිකව බවත් මෙම ආයතනයේ සේවය කරන ඉහල මට්ටමමේ සිට පහල මට්ටම දක්වා වූ සියළුම නිලධාරින් සාමූහිකව ඉලක්කයක් ඇතිව කටයුතු කර රටේ ජනතාවට ඉහළ සේවයක් ලබා දීමට කටයුතු කළ යුතුබව ග්‍රාමීය මාර්ග සංවර්ධන සහ  අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ  පෑලියගොඩ මග නැගුම, මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම නිරීක්ෂණය කිරීමට  අද(11) දින පැමිණි අවස්ථාවේදීය.

මේ ආයතනයේ ඇති යන්ත්‍ර උපකරණ ඇතුළු  සෑම සම්පතක්ම ජනතාවට අයිති දේවල් බැවින් ඒවා නිසි ලෙස නඩත්තු කටයුතු සිදුකර ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සේවයේ යෙදවිය යුතුයි

ජනාධිපති වරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ජනතාවට ලබාදුන්  විශාල ව්‍යාපෘතියක් වන මාර්ග   කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම සාර්ථක ලෙස ඉදිරි වසර පහක කාලය තුළ අවසන් කල යුතු බවද ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සමග සහෝදරත්වයෙන් කටයුතු කල යුතු බවද රාජ්‍ය අමාත්‍ය වරයා  වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායකමහතා මග නැගුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද  එක්විය

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content