30 C
Negombo
30 C
Negombo

153 ක් අත්අඩංගුවටගත් – කම්මල්තොට ෆේස්බුක් සාදය

-

උපන්දින සාදයක් පවත්වන මුවාවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය සහිතව කම්මල්තොටප්‍රදේශයේ හෝටලයක  පැවැත්වූ  පේස්බුක්  සාදයක්  වැටලු  කොච්චිකඩේ  පොලිසිය  එම සාදය සංවිධානය කල පියපුතු දෙදෙනා ඇතුළුව තරුණයන් 153 දෙනකු අද 13 අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව  මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි සමන්සිගේරා මහතා කොචිචිකඩේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රිනික ජයකොඩි මහතාට දෙන ලද උපදෙස් අනුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසකගේ සහයද ගෙන මෙම වැටලීම සිදුකර ඇත

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව මිනුවන්ගොඩ කටුනායක ප්‍රදේශවල සිට පැමිණ සිටි වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණයන් පිරිසකි .ඇතුල් වීමේ ගාස්තු ලෙස එක් අයෙකුගෙන් රුපියල් 1500 ක ලබාගෙන ඇතිඅතර සංවිධාන කටයුතු මුහුණු පොත හරහා සිදුකර ඇත.

අත්අඩංගුවට ගත්පිරිස අතරින් 123 දෙනෙකු තදින් අවවාද කර මුදාහැර ඇති අතර අනන්‍ය තාවය  තහවුරු කරගැනීමට නොහැකිවූ 30 දෙනෙක් සහ මෙම සාදය සංවිධානය කලබව කියන 46 හැවරදී කොචිකඩේ පාතිමා පාරේ පදිංචි ධිවර කාර්මිකයෙකු වන නිහාල් ප්‍රේමරත්න නමැත්තා සහ ඔහුගේ 18 හැවරදී පුත්‍රයා සහ ගංජා බියර් විදේශීය දුමවැටි අලවිකිරිම සදහා ලග තබාගෙන සිටි පුද්ගලයන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වෙති.

අනන්‍ය තාවය තහවුරු කරගැනීමට නොහැකිවීම මත අත්අඩංගුවට ගත් තරුණයින් අනන්‍ය තත්වය තහවුරු කිරීමෙන් අනතුරුව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වැඩිදුර විමර්ශන වලින් පසුව අනෙක් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමටත් කටයුතු කරනබව කොචිචිකඩේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රිනික ජයකොඩි මහතා පැවසීය.

මෙම වැටලීමට කොච්චිකඩේ සහ  කටුනායක පොලිස්ස්ථානවල නිලධාරී හතලිස් දෙනෙකු පමණ සහභාගිවී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content