25 C
Negombo
25 C
Negombo

පාර්ලිමේන්තුවත් සුදු අලියෙක් ……ඇමති ප්‍රසන්න රණතුංග

-

රටට වැඩක් නොකෙරෙන්නේනම් පළාත් සභාව පමණක් නොව  පාර්ලිමේන්තුවද සුදු අලියෙක් බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ මිගමුව ඔන්රිච් හෝටලයේ පැවති   ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බලමණ්ඩල රැස්වීමක් අමතමිනි මිගමුව වත්තල ජාඇල සහ කටාන ආසනවල පළාත්පාලන ආයතනවල නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට සහභාගිවිය.

පළාත් සභා පිලිබදව විවිධ පුද්ගලයන්  මත ප්‍රකාශ කරනබවත් තමන්ගේ අදහස පළාත් සභා සුදු අලියෙකු නොව වැඩකරන්න පුළුවන් අයට වැඩ කලහැකි තැනක් බවත් බස්නාහිරපළාත් සභාවේදී තමන් ඇතුළු කණ්ඩායම ඒ බව ඔප්පුකරමින් පළාත් මාර්ග සංවර්ධනය පාසැල්වල යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ගුරු හිගයටද පිළියම් යෙදු බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

පළාත් සභා අවශ්‍යද නැත්ද යන්න පිලිබදව තනි පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට තීරණ ගත නොහැකි බවත් එය පක්‍ෂය විසින් ගතයුතු තීන්දුවක් බවත් තමන්ගේ පුද්ගලික මතය කුමක් උවත් පක්ෂයේ තීරණය සමග තමන් එකග වන බවද එකගවිය නොහැකිනම් කලයුත්තේ ඉවත්ව යාම බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

කෙසේ වෙතත් ඉදිර මාස හයක කාලය ඇතුලත පළාත් සභා මැතිවරණයත් තවත් මාස 18 කින් පළාත් පාලන මැතිවරණයත් පවැත්වෙන බැවින් ඒ සදහා පක්‍ෂයක් වශයෙන් සුදානම් වියයුතු බවත් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප නිසා ඇතිකරගත් බෙදීම් අවසන්කර ඉදිරි මැතිවරණ වලදී පක්‍ෂය ජයග්‍රහණය කිරීම සදහා සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සහ කෝකිලා ගුණවර්ධන සහන් ප්‍රදීප්  නලින් ප්‍රනාන්දු යන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද  සහභාගී විය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content