28 C
Negombo
28 C
Negombo

ජනපති ගෙන් මදුරන්කුලිය ජනතාවකල ඉල්ලීම පැය 24 න් ඉටුවෙයි

-

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 19 වෙනිදා මදුරන්කුලිය ප්‍රදේශයේ   සිදුකළ සංචාරයේදී මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගය ඉදිකර දෙන ලෙස ජනතාව  ඉල්ලීමක් කල අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින ආරම්භ කරනලෙස ජනාධිපති තුමා එම ස්ථානයේ සිටම අදාල නිලධාරීනට උපදෙස් ලබාදෙන ලදී

කිලෝ මීටර් 17 ක දුරකින් යුත් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.

ඉදිකිරීම් කටයුතු පිලිබදව සොයා බැලීම සදහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (21) පෙරවරුවේපැමිණි අතර ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න, අශෝක ප්‍රියන්ත යන මැති ඇමැතිවරුද මේ අවස්ථාවට එක්විය

.කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මදුරන්කුලිය මහකුබුක්කඩවල මාර්ගයඉදිකිරීම් කටයුතු සිදු කරන බවත් අධික වර්ෂාව කාලයට මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවෙන බැවින් මාර්ගය ඉදිකිරීමේදී ඒ පිළිබදවද අවධානය යොමුකර ඉදිකිරීමට කටයුතු කරනලෙස අමාත්‍යවරයා  මෙම අවස්ථාවට සහභාගිවී සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content