27 C
Negombo
27 C
Negombo

ගොනා කෝවිලේ රොහා කම්මල්තොටදී වෙඩිකා මියයයි

-

මුහුදු මගින් ඉන්දියාවට පැනයාම සදහා මීගමුවේ කම්මල්තොට මෝය කට අසල හෝටලයක් පිටුපස තාවකාලික ගොඩනැගිල්ලක මුරකුටියක  සැගවිසිටි රොහාන් ද සිල්වා 41 නොහොත් රත්මලානේ කුඩු රොහාන් නමැත්තා  පැලියගොඩ අපරාධ කොට්ටශයේ පොලිස් නිලධාරීන් සමහ අද 24 අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්‍ෂයට පත්ව ඇත

මත්ද්‍රව්‍ය ජාවාරම  කුලියට මිනීමැරීම ඇතුළු චෝදනා ලබා නීතියෙන් කට්ටිපනිමින්  සිටි රත්මලානේ පදිංචි කරුවෙකු වන රොහාන් ද සිල්වා තවත් සගයෙකු සමග මෙම ස්ථානයේ රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව කොලබ උතුර නියෝජය පොලිස්පති ප්‍රසාන් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත පැලියගොඩ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිවුන්හැල්ල මහතා ගේ මෙහෙයවීමෙන් කුඩු රොහාන් අත්අඩංගුවට ගැනීම සදහා ඔවුන් සැගවසිටි මුරකුටිය වටලා ඇත.

මෙම අවස්ථාවේදී රොහාන් සහ ඔහුගේ පාතාල සගයා ස්වයංක්‍රී ගිනිඅවි වලින් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර පොලිසිය විසින් එල්ලකළ ප්‍රතිප්‍රහාර හමුවේ පාතාල සගයා ගිනිඅවියද දමා පැනගොස් ඇතිඅතර වෙඩි වැදීමෙන් බරපතල තුවා ලබාසිටි රොහාන් ද සිල්වා රෝහල් ගතකිරීමට පොලිසිය විසින් කටයුතු කර ඇතත් ඔහු රෝහල් ගතකරන විටත් මිය ගොස්  තිබිණි..

ටි 56 ගිනි අවියක් ස්වයංක්‍රීය පිස්තෝලයක් ලක්‍ෂ තුනක් පමණ ඉන්දියානු  මුදල් සිද්දිය වූ ස්ථානයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා විසින් ස්ථානීය පරීක්ෂාවක් සහ මිගමුව රෝහලට පැමිණ මළසිරුර පරික්ෂා කල අතර මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පස්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණ යටතේ වැඩිදුර විමර්ශන සිදුකෙරේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content