28 C
Negombo
28 C
Negombo

පෙරියමුල්ල හෝටල් සේවක ඝාතනයේ සැකකරුවෙකුට දැඩි කොන්දෙසිමත ඇප

-

මිගමුව පෙරියමුල්ල හන්දියේ දිවා රාත්‍රී ආපන ශාලාවක්  තුල ඇතිවූ හදිසි ආරවුලකදී එම හෝටලයේ සේවකයෙකු තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කලබවට චෝදනාලබා මාස හයක පමණ කාලයක් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මිගමුව මහාධිකරණ විනිසුරු එන් එස් හපුආරච්චි මහතා නියෝගකළේය.

රුපියල් 50000 ක් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ  ශරීර ඇප දෙකක් මත මෙසේ මුදාහැරියේ  කටාන කිබුලාපිටියේ පදින්චි ව්‍යාපාරිකයෙකි.

ඇප අයදුම්පතේ සදහන් පරිදි පෙරියමුල්ල හන්දියේ පිහිටි ආපනශාලාව තුල හෝටල් සේවකයන් සහ ආහරගැනීමට පැමිණි පරිසක් අතර 2020 මාර්තු මස 10  දින රාත්‍රී  මෙම හදිසි ආරවුල ඇතිවී ඇත.

මෙම ආරවුලෙන් ආපනශාලාවේ සේවකයෙකුව සිටි අබ්දුල් කපුර් නැමැත්තා දරුණු කැපුම් තුවාල හේතුවෙන් ඝාතනය වීඇත.

මිගමුව පොලිසිය විසින් මෙම ඝාතනය සම්බන්දයෙන් ඇප නියමවූ සැකකරු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිර්මෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගතකර තිබුණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content