28 C
Negombo
28 C
Negombo

කුට්ටිකාඩුව දුපත ගුරුගේට දෙන්න කුට්ටියක් ගත්තේ කවුද ?

-

ඔක්සිජන් පිලිබදව  ආන්දෝලනාත්මක මාතෘකාවක් කරලියට ගෙන එමින් පුවත් මැවූ මිගමුව මුනක්කරය කුට්ටිකාඩුව දුපතේ පිහිටි ක්‍රීඩාංගනය පිලිබදව සහ ගම්පහ දිසාවන නිලධාරී කාර්යාලයේ කටයුතු පිලිබදව යලි කතාබහක් යලි ආරම්භවී ඇත.

කලපු  සංවර්ධන අධිකාරිය සහ  ධිවර දෙපාර්තමේන්තුව  කුට්ටි  කාඩුව දුපතට ගෙනවිත් දමනලද වැලි ඉවත්කිරීමට   වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අධිකරණ නියෝගයක් ලබාගැනීමත් සමග  යලි  ඔක්සිජන් කඩොලාන සහගම්පහ දිසා වන නිලධරිනිය  පිලිබදව මාතෘකාව කරලියට පැමිණ ඇත.

ගම් වැසියන් ප්‍රකාශ කරන අන්දමට මෙම කුට්ටිකාඩුව දුපතේ ඇති නැනැල්ලේ වසර 50 හකටආසන්න කාලයක් ප්‍රදේශයේ දරුවන් ක්‍රීඩා කර ඇත.

කලපු සංවර්ධන අධිකාරිය විසින් කලපුව හැරීමේදී ඉවත්කළ වැලිවලින් කොටසක් මෙම ක්‍රීඩාංගනයට ගෙනවිත් දමා ඇත්තේ ප්‍රාදේශිය ලේකම් වරයා විසින් කරන ලද ලිඛිත දැනුම්දීමට අනුව

මෙම වැලි ගෙනැවිත් දැමු වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවට සහ ධිවර දෙපාර්ත මේන්තුව වග උත්තර කරුවන් කරමින්  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරු නඩුවක තීරණය ප්‍රකාශ කරමින්  අධිකරණය නියෝග කර ඇත්තේ  දුපතට ගෙනවිත් දමනලද වැලි 2020 දෙසැම්බර් මස 20 දිනට පෙර ඉවත්කළ යුතුබවයි.

 දිසා වන නිලධාරිනිය ගැන මුන්නක්කරයේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ශ්‍රීමාල් පින්තූ මහතා කල පැහදිලි කිරමට අපි දැන් අවදානය යොමු කරමු

2020 පෙබරවාරි මස 10  වනදා මිගමුව ධිවර වරයා ශ්‍රවණාගාරයේ එවකට ධිවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව කලපුව සංවර්ධනය කිරීම පිලිබදව පැවති සාකච්ඡාවේදී ධිවර ජනතාවගේ ඉල්ලීමත් කඩොලාන රැකගැනීමත් දෙකම සැලකිල්ලට ගෙන දෙපාර්ශවයටම එකගවිමට හැකි තැනකට පැමිණ ගැටලුව විසදා ගැනීමට කටයුතුකරන ලෙස අමාත්‍ය වරයා කල ඉල්ලීමට දිසා  වනසංරක්ෂණ  නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ආවේගශීලීව කරුණු දැකිවීම නිසා ප්‍රදේශවාසී ධිවර ජනතාවදආවේගශීලීව කරුණු දැක්වීමට ඉදිරිපත්වුනා.

.එම දර්ශන සංස්කරණය කර මුනක්කරයේ සිටින්නේ ඔක්සිජන් එපා කියන නුගතුන් පිරිසක් දේවානි ජයතිලක කියන්නේ කඩොලාන රැකගැනීමට පැමිණි දෙවගනක් ලෙසයි මාධ්‍ය ලෝකයට පෙන්වුවේ.

එත් සත්‍ය එයනොවෙයි හෝටල් හදන්න අක්කර ගණන් කඩොලාන කපද්දී නොදැක්ක වගේ ඉදල මේ දරුවන් ක්‍රීඩා කරන කුඩා ඉඩම් කොටස ඔවුන්ට අහිමිකරන්න මෙතුමිය දරන උනන්දුව පිටුපස තියෙන්නේ සැගවුණු න්‍යායය පත්‍රයක් ඒකට සමහර දේසපාලන ප්‍රබලයන් සම්බන්දයි ගුරුගේගේ හෝටලයේ රථගාලට මේ දුපත  ලබාදීම ඔවුන්ගේ අවසාන ඉලක්කයයි.

කුට්ටිකාඩුව දුපත රැජින දුපත කලේ එහි මුල් පියවර ලෙසයි දුපතට එම නම දැමුවේ තමන් විසින්බව වනසංරක්ෂණ නිලධාරිනිය අප  සමග පැවති සාකච්චාවකදී පිළිගත්තා .

මතු සම්බන්ධයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.