28 C
Negombo
28 C
Negombo

මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයන් 478 ක්

-

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සදහා ආණ්ඩුව ගතහැකි ගතයුතු
සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
පවසයි. ඔහු අවධාරණය කලේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කල සේම
කොවිඩ් 3වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු
කරමින් සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව සදහා
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී රණතුංග මහතා මේ
බව සදහන් කලේය. රැස්වීම පසුගිය සිකුරාදා (09) පැවැත්වුණි.
මෙහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය සදහන් කලේ
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයන් 478
දෙනෙකු හදුනාගෙන රෝහල් ගත කර ඇති බවයි. ඔවුන්ගේ සමීපතමයින්
PCR පරීක්ෂණ වලටත් නිරෝධායන මධ්‍යස්තාන වලටත් යොමු කර ඇති
බවද වෛද්‍ය නිළධාරිනිය කීවාය. මීට අමතර එම ආසාදතියන් ගැවසුනු
බවට හදුනා ගෙන ඇති ප්‍රදේශ වල ජනතාව PCR පරීක්ෂණ සිදුකිරීමටත්
අවශ්‍ය බවද ඒ අය නිරෝධායනය සදහා යොමුකීරමටත් පියවරගන්නා
බවද ඇය කීවාය.
දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩ සටහන කඩිනම් කිරීමට
වහා පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී
බලධාරීන්ට උපදෙස් දුන්නේය. රාජ්‍ය හා පෞද්ගලික අංශ සමග එක්ව
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදු කල යුතු ආකාරය පිළිබදව මෙහිදී දීර්ඝ
ලෙස සාකච්ඡා විය. මිනුවන්ගො විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික විවෘත
කිරීමටත්, පොදු ආයතන වල ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගමට
යැවීමටත් මෙහිදී තිරණය කෙරිනි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කලේ මිනුවන්ගොඩ කොවිඩ්
පොකුර හැකි ඉක්මනින් පාලනය කිරීම රජයේ අපේක්ෂාව බවයි. රෝගීන්
සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයන් කඩිනමින් නිරෝධායන
මධ්‍යස්ථාන වෙත යොමු කලේ ඒ අනුව බවද ඇමතිවරයා කීවේය.
සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවුනේ මාස කීපයකට පසුව බවපෙන්වා දුන් ඇමතිවරයා එය පාලනය කර රට නැවත යථා තත්ත්වයට
පත් කර ගැනීමට රජය සිය පූර්ණ ශක්තිය යොදවා ඇතැයිද කීවේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content