28 C
Negombo
28 C
Negombo

මීගමුවේ කොවිඩ් ආසාදිතයන් 10 ක් -සති පොළ නැවත දැනුම් දෙනතුරු නෑ-විභාග මධ්‍යස්ථාන දිනපතා විසබීජ හරණය කරයි

-

මිගමුව මහානගර සභා බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගීන් 10 දෙනෙකු අද 12 වනදින වනවිට හදුනාගෙන ඇතිබව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා පවසයි.

මෙම ආසාදිතයන් උප්පලමවත්ත පල්ලන්සේන, කටුවපිටිය, මුන්නක්කරය,පිටිපන සහ සාන්ත ජෝසප් වීදිය යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අතර සියලු දෙනාම මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. මෙම ආසාදිතයන් අතර වයස අවුරුදු  5 ක දරුවකු ද සිටින බව ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආරක්ෂක පියවරක් ලෙස සති පොළ  සහ රාත්‍රී වෙළදපොළ පැවැත්වීම යලි දැනුම් දෙනතුරු අත්හිටුවා  ඇති බවද,  උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසැල්වල විභාග ශාලා දිනපතා විසබීජහරණය කිරීමට මහා නගර සභාව විසින් පියවර ගෙන ඇති බවද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content