28 C
Negombo
28 C
Negombo

මුන්නක්කරය දරුවන්ගෙන් ජනාධිපතිතුමාට ඔත්තුවක්

-

මිගමුව මුන්නක්කරය ධිවර ජනතාවගේ දරුවන් වසර 50 හකට වැඩිකාලයක් ක්‍රීඩාංගනය ලෙස භාවිතා කල මිගමු කලපුවේ පිහිටි කුට්ටිකාඩුව දුපතේ පිහිටි නැනැල්ල හාරා ජැටියක් ඉදිකිරීම නතර කර තමන්ගේ ක්‍රීඩාපිටිය රැකදීමට කටයුතු කරදෙන ලෙස ජනාධිපති තුමන් ගෙන් ඉල්ලා සිටින නිහඩ උද්ඝෝෂණයක් අද 12 දින උදැසන එම ක්‍රීඩාංගනදී පැවැත්විණි.

ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ දුදරුවන් විශාල ප්‍රමාණයක් මේ සදහා සහභාගිවී  සිටිනු දක්නට  ලැබුණි

.කලපුවත් කඩොලානත් රකින්නේ ධීවරයන් මිස මුදලාලිලා නොවේ පාසැල් දරුවන්ට ක්‍රීඩාපිටිය ලබාදෙන්න, දුපත අයිතී ගමටයි ජනාධිපති තුමනි රජය අප්‍රසාදයට පත්කරන නිලධාරීන්ගෙන් ප්‍රවේසම් වන්න ආදී ප්‍රකාශ පාසල් දරුවන් විසින් ඔසවාගෙන සිටි පුවරුවල සදහන්ව තිබුණි

ප්‍රදේශ වාසින් පවසන පරිදි  මෙම ස්ථානයේ  බෝට්ටු තොටුපොළක් ඉදිකර දෙන ලෙස ගමේ කිසිදු ධීවරයෙක් ධිවර සමිතියක් ඉල්ලා නැත.

දැනට මෙම ස්ථානයේ නවතා ඇති බෝට්ටු මිගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ ධීවරයන්ට අයත් ඒවාවන අතර වසර කිහිපයකට පෙර වැල්ලවීදිය දේවස්ථානය අසල බෝට්ටු නැංගුරම් තොටුපොළක් ඉදිකිරිම සදහා  මුල්ගල් තැබුබවත් එහි  වැඩ අවසන්කර නැත.

එම තොටුපොල සකස්කර නොදී ප්‍රදේශ  වාසීන්ගේ විරෝධතාවය නොසලකා මෙම ස්ථානයේ ජැටියක් ඉදිකිරීමට උත්සාහ කිරීම ධිවර ප්‍රජාව බෙදීමකට ලක්කර අනවශ්‍ය ගැටුමක් ඇතිකර රජය අපහසු තාවයට පත්කිරීම සදහා නිලධාරීන් පිරිසක් විසින් ගනුලබන උත්සාහයක් බව මුන්නක්කරය ප්‍රජා නායකයෙකු වන ශ්‍රීමාල් පින්තූ මහතා පවසයි.

මෙම ස්ථානයේ ජැටියක් ඉදිකිරිම සදහා තමන්ගේ මැදිහත් වීමක් හෝ ඉල්ලීමක්  නොමැතිබව ප්‍රදේශ වාසින් විසින් සිදු කල  විමසීමේදී රාජ්‍ය අමාත්‍ය වරුන් වන සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියනිමල් ලාන්සා සහ ඉන්දික අනුරුද්ධ මහත්වරුන් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content