28 C
Negombo
28 C
Negombo

දුන්ගාල් පිටියේදී කන්ටේනර් -යතුරුපැදි අනතුරක් -20 හැවරදි තරුණයෙක් මියයයි

-

අද උදෑසන රැකියා ස්ථානයට යාමට පමුණුගම දෙස සිට  මිගමුව දෙසට  යතුරු පැදියකින් ගමන්කරමින් සිටි තරුණයන් දෙදෙනකු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර යක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් දුන්ගාල් පිටිය පොලිස් වසමේදී සිදුවූ රිය අනතුරකින් එක්තරුනයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මීගමුවේ පුද්ගලික ආයතන දෙකක රැකියාව කරන පමුණුගම ඇලෙන් එගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා යතුරු පැදියෙන් රැකියාවට යමින් සිටියදී දුන්ගාල් පිටිය පොල්කදන් බෝක්කුව අසලදී මෙම අනතුරට මුහුණදී ඇත.

කන්ටේනර් රථය සමග ගැටුණු යතුරු පැදිය ඇදී ගොස්  ගිනිගෙන ඇත.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ පදිකරුවූ පමුණුගම ඇලෙන් එගොඩ 127 දරන තැන පදිංචිව සිටි නිරෝෂන් මලිත ප්‍රනාන්දු නමැති 20 හැවරදී තරුණයෙකි.

පමුණුගම ඇලෙන් එගොඩ පදිංචි නවින් ජීවන්ත නමැති 19 වියැති තරුණයාය බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මියගිය තරුණයාගේ  දේහය පස්චාත් මරණ පරීක්ෂණය සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහළේ  මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත .

දුන්ගාල් පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි  රථවාහන අංශයේ ස්ථානාධි උපපොලිස් පරීක්‍ෂක තුෂාර මහතා අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි..

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content