28 C
Negombo
28 C
Negombo

රෑට රෑට මාඔයේ ඉවුරු කපා වැලිගොඩ දැමු ජාවාරම් කරුවන්ට – අද අලුයම හදිසි ප්‍රහාරයක් …..

-

වැලි ගොඩ දැමීම තනම්කර ඇති මා ඔයේ අධි ආරක්‍ෂිත කලාපයක රාත්‍රී කාලයේ මහා පරිමාණයෙන් වැලිගොඩ දමමින් විශාල පරිසර විනාශයක් සිදුකරමින් සිටි   ජාවාරම් කරුවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පිරිසක්  15 දින  අලුයම දෙකට පමණ මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

කොචිචිකඩේ පොලිස් වසමේ ජම්බුගස් වත්ත  ප්‍රදේශයේදී මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම  සිදුකර ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර මෙම අනවසර ජාවාරම මෙහෙයවූ දෙදෙනෙක් වැලිගොඩ දැමීම සදහා බෝට්ටු ඇතුළු උපකරණ සැපයු තිදෙනෙක් සහ ඔවුන් යටතේ සේවය කල කම්කරුවන් පිරිසක්ද වන අතර ඔවුන් කොච්චිකඩේ සහ කටානේ පදිංචි කරුවන්ය.

වැටලීම සිදුකරන අවස්ථාව වනවිට කියුබික් අඩි 2000  කියුබ් 20 ක පමණ වැලි ගොඩදමා තිබී ඇති අතර එම වැලි තොගය වැලි ගොඩදැමීමට යොදාගත් බෝට්ටු 6 ක් සහ ඒ සදහා භාවිතා කරන ලද උපකරණද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැලි ගොඩ දැමීම නිසා  ගංඉවුර කඩා වැටීමේන් ප්‍රදේශයේ  නිවස කිහිපයක් ද කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති අතර මෙම ප්‍රදේශයේ  වැලි ගොඩදැමීම තහනම්  කරමින් උසාවි නියෝගයක් ද නිකුත්කර ඇතිබව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම අනවසර වැලිගොඩ දැමීම පිලිබදවත් ඉන් සිදුවන පරිසර විනාශයත් පිලිබදව මාධ්‍ය ඔස්සේ  දිගින් දිගටම තොරතුරු වාර්තාවිය.

මිගමුව පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් අනුවමිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා සිදුකල මෙම වැටලීමට පොලිස් පරිකෂකවරුන් වන රාජකරුණා උපපොලිස් පරීක්ෂක ඩිල්ෂාන් , චාමිකර සහ  පොලිස් කොස්තාපල්වරුන් වන 37928 වන්නිනායක   84546 නිමේෂ්  41835 නිමල්, 64621 සුමිත්, 95214 ජයසිංහ, 34292 නලින්ද, 25677 මධුසංක සහ පොලිස් රියදුරු 85438 ජයකොඩි යන නිලධාරීන් සහභාගී විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content