28 C
Negombo
28 C
Negombo

අනුලා බුලත්සිංහල මහත්මිය දිවි රගමඩලින් නික්මයයි

-

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16)  අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය.  අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය  අභාවප්‍රාප්ත වී ඇත.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර,  ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.

මෑතකදී අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවාය.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි  ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කරයි.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

හෙට(17) උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය

ජායරුපය දයාන්විතාරණ ගෙනි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content