28 C
Negombo
28 C
Negombo

මිගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල් පතිවරයා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ……..

-

මිගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල් පතිවරයා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව  සිදුකරන විමර්ශන පිලිබදව තම සංගමය දැඩි අවදානයකින් බලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා පවසයි.

වාද්දුවේ විභාගයට උදවුකල නිරීක්ෂකයා ගේ සේවය අත්හිටවූ නමුත් විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනලද පරීක්ෂණයකදී සියල්ල අනාවරණය වී තිබියදී විභාගය අවසන් වනතෙක් විදුහල් පරිශ්‍රයට ඇතුළුවීම පමණක් සාන්ත මරියා විදුහලේ විදුහල් පතිවරයාට තහනම් කිරීමට ගෙන ඇති තීරණය යුක්තිසහගත නොවන බවද ලේකම් වරයා පවසයි.

විභාග පරිශ්‍රය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු  ඇතුළු බාහිර පුද්ගලයන් රැදී සිට ඇතිබවත්  එසේ බාහිර පුද්ගලයන් රැදී සිටීම බරපතල වරදක් බවත් පෙන්වා දෙන ලේකම්වරයා මෙම විදුහල්පතිවරයා විභාගවල විශ්වාශය  පිළිබද බරපතල කැළලක් ඇතිකර ඇති කර ඇතිබවද  සදහන් කළේය.

මෙම විදුහල්පති වරයා තර්ක ශාස්ත්‍රය බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 22 වන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර විභාගය පැවත්වෙන අවස්ථාවේ ගුරුවරයෙකුගෙන් දුරකතයෙන් විමසා ඇතිබවට තොරතුරු ඇතිබවද වැඩිදුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content