29 C
Negombo
29 C
Negombo

කොවිඩ් අසදනයවූ ව්‍යාපාරිකයෙකු හමුවෙයි – මිගමුව නගරසභා වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දමයි

-

දිවුලපිටිය උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති මිගමුව නගර සභා සුපිරි වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිදට  කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු වීම නිසා එම වෙළද සංකීර්ණය ආරක්‍ෂිත පියවරක් ලෙස  තාවකාලිකව වසා දැමීමට  පියවර ගත්බව   මිගමුව නගර සභාවේ  පරිපාලන   මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.

 

එම ව්‍යාපාරික සංකීර්ණයේ ව්‍යාපාරිකයන් සහ වෙළද සල් හිමියන් පිසි ආර්  පරික්‍ෂණසදහා හෙට දිනයේ යොමුකිරීමට ද කටයුතු කරනබවද  එහි ප්‍රතිපල අනුව වෙළද සංකීර්ණය විවෘත කිරීම පිලිබදව තීරණය කරනබවත් වෙළද සංකීර්ණය විෂ බිජ හරණය කිරීමට කටයුතු කරනබවද සෝලංග ආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content