28 C
Negombo
28 C
Negombo

මේ වංචාවට ඔබත් අහුවුනාද – 031 2223364 ට කතාකරන්න

-

දිවයිනේ ප්‍රදේශ කිහිපයක   විවිධ නම්වලින් ව්‍යාජ දේපල වෙළද සමාගම් සහ ණයදෙන ආයතන  පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් වංචා සිදුකල වරෙන්තු 21 ක් සහ වංචා නඩු 65 හක විත්තිකරුවෙකු මිගමුව කොට්ටශයේ දුෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගෝනපොල කුබුක පදිංචිකරුවෙකු වන ලියනගේ සුසන්ත ප්‍රදීප් පෙරේරා නමැත්තෙකි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව  කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා   ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්   මිගමුව අගරදගුරු  නිකුලස් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 113 /1/1 මොහු විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ දේපල වෙලදාම් කාර්යාලයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මොහු හොරණ සිදුව කුලියාපිටිය ආදී ප්‍රදේශවල වරින්වර කාර්යාල විවෘතකරමින් කලයක් තිස්සේ මෙම වංචාවන් සිදුකර ඇතිබව මුලික පරීක්ෂණ වලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

මොහු ඉරිදා පුවත්පත්වල ආකර්ශනීය වදන් ඇතුලත් ලුහුඩු දැන්වීම් පලකරමින් මෙම වංචාව සදහා පුද්ගලයන්  යොමුකර ගෙන ඇත.

මීගමුවේ පවත්වාගෙන ගිය කාර්යාලය සදහා මසකට රුපියල් 60000 ක් කුලියක් ගෙවා ඇති අතර රුපියල්  30000 ක මාසික වැටුපක්  සේවකයන් දෙදෙනකු වෙනුවෙන් ගෙවා තිබේ.

මොහු මීගමුවේදී ධිවර ජනතාව ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකිරීමට සැලසුම් කර තිබී ඇති බව ඔහුගේ ප්‍රචාරක් පත්‍රිකා වල සදහන් කරුණු අනුව පෙනියයි .ඒවායේ සදහන් වන අන්දමට  25 % ක් ගෙවා ඕනෑම දිග ප්‍රමාණයක ධිවර යාත්‍රාවක් වසර 10 ක පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකිබව සදහන්වේ.

මොහු සිරිලක ස්ටාර් ඉන්වෙස්ට්මෙන්ට් ,සිගිරි හෝම්ස් පුද්ගලික සමාගම  එස් අයි එස් සමාගම ස්වෝන් හෝම්ස් ලෑන්ඩ්  පුද්ගලික සමා ගම ආදී නම්වලින් මෙම වංචාව සිදුකර ඇතිබව  මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මොහු 18 වන ඉරිදා සතිඅන්ත පුවත්පතක පලකර ඇති දැන්වීමකට අනුව නිවසට වී සිටින අතර රුපියල් 65000 ක ආයෝජනයකින් මාසිකව රුපියල් 20000 ක අදායමක් ලබාගත හැකිබවත් මිලියන් 5 දක්වා මුල්‍ය පහසුකම් වසර දහයක් දක්වා ගෙවීමේ පහසුකම් ලබාදෙන බවයි ඒ සදහා 031 3130000 දුරකතනයෙන් සම්බන්ද වන ලෙස දැනුම්දී ඇත.

මෙම පුද්ගලයාගේ වංචාවලට හසුවී ඇති ඇය සිටිනම් ඒ පිලිබදව පැමිණ සාක්‍ෂි සහිතව පැමිණිලි කරනලෙස මිගමුව කොට්ටාශයේ වංචා විමර්ශන කාර්යංශය ඉල්ලීමක් කරයි එම අංශයේ අංක 031 223364 දුරකතනයට අමතා වැඩිදුර විස්තර ලබාගත හැකිය .

මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා  මිගමුව කොට්ටාශයේ වංචා විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර උපපොලිස් පරීක්ෂක සරත් රත්නායක සැරයන් වරුන්වන 4866 බණ්ඩාර 60490 සෙනවිරත්න ,61836 ඉන්දික ,සහ පොලිස් කොස්තාපල්වරුන් වන 37929 වන්නිනායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 9834 රම්‍යා යන නිලධාරින්ද සහභාගී වී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content