28 C
Negombo
28 C
Negombo

කොළබ- හලාවත දුම්රියෙන් ගිය කුඩු ජාවාරම්කරු කොච්චිකඩේ දී අත්අඩංගුවට= යට ඇදුමේ ලක්‍ෂ පහක කුඩු

-

කොළබ සිට හලාවත දක්වා දුම්රියේ ගමන් කරමින් තොග වශයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින  ජාවාරම් කරුවෙකු  කොච්චිකඩේ පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් රුපියල් ලක්‍ෂ පහක පමණ වෙළදපොල වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 25 ක් සහ මිලිග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොස්වත්ත පොලිස්වසමේ ලිහිනියාගම මැල්වත්තේ  පදිංචි කරුවෙකුබව කියන 39  හැවරදී විවාහකයෙකි.

19 දින දහවල් 11.20 ට පමණ කොච්චිකඩේ දුම්රිය ස්ථානයට ලගාවන   කොලබ කොටුවේ සිට හලාවත දක්වා ගමන්කරන  මන්ද ගාමි දුම්රියේ හෙරොයින් තොග ජාවාරම් කරුවෙකු පැමිණෙන බවට  කොච්චිකඩේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලලන්ත ලක්මාල් මහතාට තොරතුරු ලැබී ඇත

එම තොරතුරු කරු අත්අඩංගුවට පත් සැකකරු හදුනා ගැනීමට අවශ්‍ය සියලු විස්තර දැනුම් දී ඇතිඅතර   මිගමුව දුම්රිය පිටත් වූ පසුව ඒ බවද දැනුම් දී තිබේ.

මේ අනුව කොචිචිකඩේ පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කොච්චිකඩේ දුම්රිය ස්ථානයට ළගාවූ දුම්රියේ සිටි  සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල සෝදිසි දී යට ඇදුමේ ඉදිරි පස සගවාගෙන සිටි හෙරොයින් සොයා ගෙන තිබේ.

මෙම සැකකරු ගමනා ගමනයට දුම්රිය යොදා ගනිමින් තොග වසයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව දැනට සිදුකර ඇති මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ උපදෙස් අනුව සිදුකරන වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 38456 නිලන්තපොලිස් කොස්තාපල් 68200 නවෝද්‍ය යන නිලධාරීන් ද සහභාගිවී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.