25 C
Negombo
25 C
Negombo

සැප රියකින් කුඩු ඇද්ද ජෝඩුවක් කොච්ච්කඩේදී අත්අඩංගුවට

-

ලක්‍ෂ 21 ක පමණ වෙළදපොල වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 152 ක් ජාවාරම් කිරීම සදහා  නවීන පන්නයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් කොච්චිකඩේ අලුවා පාලම අසලදී මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් 22 දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක මුතුවාඩිය ප්‍රදේශයේ කුලියට ගත්නිවසක රැදිසිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුනු  බංගදෙනිය  දෙමටපිටිය  අත්තන ගස්කටුව ලිපිනයේ පදිංචිකරුවන් බවකියන 34 වියැති යුවලකි

කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ  උපපොලිස් පරීක්ෂක  අයේෂ්  පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත

මෙතෙක් සිදුකල විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරු අනුව මෙම දෙදෙනා දැනට සැගවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු බව කියනඅමිත් නොහොත්  කොච්චිකඩේ අමියාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයන් බව පොලිසිය පවසයි.

එමෙන්ම මොවුන් දෙදෙනා ප්‍රධාන ජාවාරම්කරුගේ නෑනා සහ  මස්සිනා බවට පොලිසිය විසින් හදුනාගෙන ඇත.

සැගවී සිටින ජාවාරම්කරුගේ බැංකු ගිණුමට මුදල් තැන්පත්කළ පසු ඔහුවිසින් දුරකථන මගින් ලබාදෙන උපදෙස් අනුව මෙම යුවල විසින් මත්ද්‍රව්‍ය ගැනුම්කරු වෙත ලබාදීම සිදුකර ඇත

සැකකරුවන් බාවිතා කල ජංගම දුරකථන හතරක් සහ හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථයද අත්අඩංගුවට ගෙන් තිබේ

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ  උපදෙස් අනුව කොටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතාගේ අධික්ෂණයෙන්  සිදුකල මෙම  වැටලීමට  උපපොලිස් පරීක්ෂක වරුන් වන අයේෂ් පෙරේරා අෂේන් චාමිකර පොලිස් සැරයන් 25906 අනුර පොලිස් කොස්තාපල්වරුන්වන 48929 චන්දන 81319 කෝනාර 84546 නිමේෂ් 89056 කනිෂ්ක 88073 බණ්ඩාර යන නිලධාරින්ද සහභාගී වී ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.