27 C
Negombo
27 C
Negombo

නිරෝධායන රෙගුලාසි කඩකරමින් කරවල වේලු 17 ක් අත්අඩංගුවට

-

නිරෝධායන රෙගුලාසි කඩකරමින්  හුදකලා කර ඇති  මිගමුව වැල්ල විදියේ සහ කුට්ටි දුවේ කරවල වෙලිමේ යෙදීසිටි 17 දෙනෙකු 24  දින අත්අඩංගුවට ගත්බව මිගමුව ප්‍රධාන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි.

කරවල වෙලිමේ යෙදීසිටින   ධිවර ප්‍රජාව  අතර සිදුකල අහබු පි සි ආර් පරීක්ෂණ තුලින් ආසාදිතයන් වාර්තාවීම නිසා විශාල පිරිසක් එක්තැනකට එකතුවී සිදුකරන මහා පරිමාණයේ  කරවල වෙලිමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින්  මෙම මස 15 දිනසිට තාවකාලිකව නතර කරනු ලැබිය.

අවස්ථා කීපයකදීම අවවාද කලත් නිරෝධායන රෙගුලාසි කඩකරමින්  දිගින්දිගටම  කණ්ඩායම් වශයෙන් එක්රැස්වී කරවල වෙලිමේ  යෙදුනු මෙම පිරිස පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළබවද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසිය

අත්අඩංගුවට ගත් පිරිස බැදුම්කර මත මුදාහැර ඇතිඅතර දෙසැම්බර් මස 1 දින අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

මෙම වැටලීමට ප්‍රධාන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතාසමග   බි පි]ප්‍රනාන්දු ඩබ් ඩි සුරංග යන  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සමග  මිගමුව පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති මධුසංක ඩයස් මහතා  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගිවී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.