‘සනීපාරක්ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24)අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය.
“සනීපාරක්ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා”
“ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො”
“මේ ප්රශ්නය නිසා දූවරුන් සියයට 50 ක් හැම මාසයකම පාසල් යන්නේ නෑ. මුදල් ඇමතිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා එතුමා අවධානය යොමු කරයි කියලා” යැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.
[…] […]