මීගමුවේ නවලෝක රෝහල කිසිදු හිරිකිතයකින් තොරව ශල්‍ය මුහුණු ආවරණ කළුකඩ මිලට අලවිකිරීමේ ජාවාරමක් සිදුකරන බවට එම රෝහලට යන රෝගීන් පවසති.
කුමන කරුණකට හෝ නවලෝක රෝහල් පරිසරයට ඇතුළු වන්නේනම් ශල්‍ය මුඛ ආවරණයක්ම පැලදීය යුතුබව ඇතුළු වීමේ දොරටුවෙන් දැනුම් දෙයි.
රෝහල් ෆාමසියෙන් හෝ ආපන ශාලාවෙන් එය මිලදී ගත හැකිබවත් ප්‍රධාන දොරටුවේ සිටින රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දෙනු ලැබේ .ෆාමසියෙන් වෙළද පොලෙහි රුපියල් 15 ක මිලකට අලෙවිවන ශල්‍ය මුඛ ආවරණයක්ම එමෙන් දෙගුණයක මිලට එනම් රුපියල් 30 හකට මිලදී ගත හැකි අතර වෙනසකට ඇත්තේ බිල්පතක් ලැබීම පමණි.
වෛද්‍ය වරයෙකු මුණගැසීමට යන රෝගියෙකුගෙන් රෝහල් ගාස්තු ලෙස රුපියල් 500 ක් අයකරගනු ලබයි.
රෝහලේත් රෝගින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් තොග වශයෙන් රුපියල් 10 -12 දක්වා මුදලකට මිලදී ගතහැකි ශල්‍ය මුහුණු ආවරණයක් නොමිලයේ සේවයක් වශයෙන් ලබාදීමේ යුතුකම හැකියාව තිබියදී වෙළදපොළ මිලමෙන් දෙගුණයක් අයකිරීම කළුකඩ ජාවාරමකි.
[…] post කළුකඩ මිලට මුහුණු ආවරණ ගන්න -මීගමුවේ න… appeared first on Negombo […]