31 C
Negombo
31 C
Negombo

සංචාරක ව්‍යාපාරයේ සැමට සුබආරංචියක් – පලමු විදේශිය සංචාරක කණ්ඩායම මේ මාසයේ පැමිණේ

-

ජනවාරි මස අනිවාර්යයෙන්ම ගුවන්තොටුපොළ විවෘත කර සංචාරකයන් ගෙන්වා ගනිමින් බිදවැටි ඇති සංචාරක කර්මාන්තය යලිනගා සිටුවිමට  සියලු කටයුතු සුදානම් බව ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

මිලියන 97.7ක වියදමින් කටාන ආසනයේ කිලෝ මීටර් 4.57 ක් දුර ග්‍රාමීය මාර්ග හයක් කාර්පට් අතුරා සංවර්ධනය  කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වරයා මේබව සදහන් කලේය

කොවිඩ් වසංගතය සමග නතරවූ සංචාරක කර්මාන්තයට ලෝකයේ බොහෝ රටවල් යලි අවතීර්ණ වෙමින් පවතින බවද නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මස තුල සංචාරකයන් පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන සෞඛ්‍යය අංශවලින් ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් ඔවුන්ට ශ්‍රිලංකාවේ සංචාරය සදහා අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

ලංකාවට පැමිනීමට  සංචාරකයන් පැය 72 ක් ඇතුලත ලබාගත් පි සි ආර් වාර්තාවක් ඉදිරි පත්කලයුතු බවද ලංකාවට පැමිණි වහාම තවත් පි සි ආර් පරීක්ෂනයකට  යොමු කර නතරවී සිටින හෝටලය තුලදී දින 5 කට  පසු නැවත තවත් පි සි ආර් පරීක්ෂනයකට  ලක්කිරීමෙන් පසු ඔවුන්ට රට තුල සංචාරය කිරීම සදහා අවස්ථාව ලබාදීමටද කටයුතු සුදානම් කර ඇතිබවද නිමල් ලාන්සා අමාත්‍ය වරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

සංචරක කර්මාන්තයෙන් ලැබෙන අදායම හෝටල්වලට පමණක් නොව තැබිලි කුරුම්බා විකුනන  ග්‍රාමීය ජනතාව දක්වා ගලා යාමට සැලැස්වීම සදහා  සංචාරකයන්ට සෞඛ්‍ය නීතිරීති වලට අනුකුලව රටතුල ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතුබවද අමාත්‍ය වරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.