27 C
Negombo
27 C
Negombo

වත්තල වගුරුබිම් සහ කුබුරු ගොඩකිරීමේ ජාවාරම මෙයවන්නේ නගර සභාවෙන් -ඇමති නිමල් ලාන්සා

-

වත්තල මාබෝල නගර සභාව ව්‍යාපාරිකයන් සමග එකතුවී සිදුකරන  වගුරු බිම් ගොඩකර විකිණීමේ ජාවාරම  නැවැත්වීමට කටයුතු කරනබව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි

අමාත්‍ය  වරයා මෙම අදහස් පලකලේ කෙරවලපිටිය කර්මාන්තපුරයේ පිවිසුම් මාර්ගය කාර්පට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද 20 දින  එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වගුරු බිම්වලට කුනුදමා ගොඩකර දීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් වත්තල මාබෝල නගර සභාව විසින් සිදුකරනවා වගුරු බිම කුණු දමා ගොඩකර අතරමැදියන් සහ ව්‍යාපාරිකයන් සමග එකතුවූ විකුනනවා මේ අන්දමින් එකින් ඒක වගුරු බිම් ගොඩකරගෙන යනවා.

වැසි ජලය පාලනයට ස්වභාව ධර්මයෙන් නිර්මාණය වී ඇති  වගුරු බිම් ගොඩ කිරීම නිසා සුළු වැස්සකදී පවා ගංවතුර තත්වයක් ඇතිවෙනවා  මේක ජාතික අපරාධයක්.

ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු මුතුරාජවෙල කුරුළු අභයභුමිය සහිත මේ තෙත් බිම මතුපරපුර වෙනුවෙන් රැකගැනීම අපේ වගකීමක්

. සමහර නිලධාරීන් සහ ආයතන නිතිය ක්‍රියාත්මක නොකර   මුතුරාජ වෙල අභය භුමියේ ජලය රැදෙන වගුරු කුබුරු ගොඩකරන්න ජාවාරම් කාරයන්ට  ඉඩදෙනවා

වත්තල කෙරවලපිටිය රටෙම් කුනුගෙනත් දමන කුණුගොඩක් කරන්න ඉඩදෙන්නේ නැහැ මේවා නැවත්වීම සදහා වත්තල සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවද ඒ සදහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද නිමල් ලාන්සා අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.