නත්තල් දින රාත්‍රී අසල්වැසි ඥාතින් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් බේරීමට ගිය කටාන හරිස්චන්ද්‍ර පුරයේ පදිංචිව සිටි තිදරු මවක් හෘදයාබාදයක් ඇතිවීමෙන් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කටාන තිබිරිගස්කටුව හරිස්චන්ද්‍ර පුරයේපදිංචිව සිටි ලන්කෙස්වර නන්දාවතී 54 නැමැත්තියකි. ඇයගේ නිවස අසල පදිංචි ඥාතින් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් බේරීමට දුවයාමේදී ඇදවැටුණු කාන්තාව මිගමුව රෝහලට ඇතුලත් කරන විට මියගොස් තිබුණි.
කටාන පොලිසිය විසින් මෙම ආරවුලට සම්බන්ධ තරුණයෙකු අත්අඩංගුවට ගෙන මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා හමුවට පමුනවනු ලැබිය.
බි වාර්තාවේ සදහන්වන තිබු කරුණු අනුව එම තරුණයා මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝගකළ වැඩබලන මහේස්ත්‍රාත් වරයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වාඅධිකරණයට කරුණු වාර්තාකරණ ලෙස මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාට වැඩිදුරටත් නියෝග කළේය
මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය අනුව මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ බි එම රණසිංහ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර මරණයට හේතුව හෘදයාබාදයක් බව එම වාර්තාවේ සදහන් කර ඇත.
කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්කමද්දුමබණ්ඩාරමහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාන් සුජීව උපපොලිස් පරීක්ෂක සේනාරත්න සැරයන් සුදත් ගුණවර්ධන සමග පොලිස් කොස්තාපල් උදය කුමාර යන නිලධාරීන් පරීක්ෂණ වලට සහයවිය.
[…] […]