ප්රවීන ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අලුයම 2.30 ට පමණ මිගමුව රෝහලේදී මියගොස් ඇත.
ෂෙල්ටන් මුතුනමගේ මහතා කාලයක් තිස්සේ රෝගාතුරව සිටි අතර මියයන විට 73 හැවරදී වියේ පසුවිය.
දේහය මිගමුව කුරණ ජූඩ් මාවතේ නිවසේ තැන්පත් කරනබවත් අවසන් කටයුතු පසුව දැනුම් දෙනබවත් ඒ මහතාගේ පවුලේ ඥාතීන් පවසයි.
90 දශකය තුළ ශ්රී ලාංකේය ගී කලා කෙත අස්වැද්දූ ජනප්රිය ගායන ශිල්පියෙක් ලෙස ෂෙල්ටන් මුතුනමගේ හැදින්විය හැකිය.
ඔහු විසින් “දීග නොයන් රත්තරනේ….”, “මේ දෙව් මැදුරෙම….”, “මහා සයුරේ ගැඹුරු දියේ…..”, “අවන් හළක ඉපදී මා….”, “තරු කතා කර අසයි….”, “ලොවම හඬා කියාවී….”, වැනි ජනප්රිය ගීත රැසක් ගායනා කර ඇත.
මීගමුවේ ප්රකට සංගීත කණ්ඩායමක් වූ ෂර්ලි මෙන්ඩිස්ගේ ලොස් මුචාචෝස් සමඟ ‘මුළු ගතම වෙහෙසුනා’ ගීතයේ ගායනයට එක්වෙමින් සංගීත ලොවට පිවිසි ෂෙල්ටන් සංගීත ප්රසංග සංවිධායකයකු හා සම්බන්ධීකාරකයකු ලෙසද වසර ගණනාවක් කටයුතු කළේ ය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘සඳරේඛා’ චිත්රපටයෙන් පසුබිම් ගායකයකු බවට පත්වූ ඔහු පුවත්පත් පින්තූර කතාවලද ටෙලිනාට්යයකද රඟපා ඇත.
[…] post ෂෙල්ටන් මුතුනමගේ සමුගෙන යයි appeared first on Negombo […]