වසර පනහකට අධික කාලයක් මුන්නක්කරය ගම්වාසීන් ගේ දරුවන්ක්රීඩා කල කුට්ටිකාඩුව දුපතේ නැනැල්ල මහුදු මට්ටමට හරා පස් ඉවත්කිරීමට එරෙහිව ගම්වැසියන් ගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මිගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරුවන්ට තෙවන වරටත් නැල්ලහැරීම අත්හැරදමා යාමට අද 9 දින සිදුවිය.
මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන් දෙදෙනෙකුට බැටන් ප්‍රහාරයක් එල්ලකළ බවත් ඒ පිලිබදව නිත්‍යානුකුල පියවර ගන්නා බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නාගරික නාගරික මන්ත්‍රිනී ගීතානි ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවීම වලක්වා සාමය ආරක්ෂාකිරීමට කටයුතු කළබවත් එවැනි පහරදීමක් සිදු නොවුණු බවද පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් විසන් මෙම ක්‍රීඩා පිටිය පිළිබද ඉල්ලීම මිගමුව සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර ඇති අතර සංවර්ධන කමිටුව මෙම මස 13 දින රැස්වීමට නියමිතව ඇත.
මේ ගැටලුව සංවර්ධන කමිටුවේදී සාකච්චාකිරීමට එහි සභාපති නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය වරයා තීරණය කර තිබියදී කොවිඩ් වසංගතය පාලනයටත් වඩා හදිසි කටයුතක් ලෙස නැනැල්ලහැරීමට නිලධාරීන් කටයුතු කරන්නේ ගම්වැසියන් පිඩාවට පත්කර රජය අපහසුතාවයට පත්කිරීම සදහා බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නාගරික නාගරික මන්ත්‍රිනී ගීතානි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පවසයි
[…] […]