22 C
Negombo
22 C
Negombo

බුද්ධි තොරතුරු දුටු විට හදවත කම්පා වනවනවා -මහජන ආරක්ෂාව පිළිබද ඇමති

-

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වටිනා නිල් මැණිකක් රැගෙන රූමත් කන්තාවකට පයින් ගමන්කළ හැකිව තිබු රටේ අදවනවිට කුඩා දරුවෙකුට වියපත් කාන්තාවකට අතවරයට පත්නොවී  පාරේ තනියම යාමට නොහැකි තත්වයක් උදා වී ඇතිබව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි .

ඒ මහතා මෙම අදහස් පලකලේ රජයේ අරමුදල් නොමැතිව ජනතාවගේ ධනපරිත්‍යාගයෙන් පමණක් ඉදිවන මිගමුව රෝහලේ හෘද හදිසි සත්කාර ඒකකයේ තවත් අධියරක් සම්පුර්ණ කරමින් ඉදිකළ වාට්ටු දෙකක් විවෘතකල අවස්ථාවට09 දින එක්වෙමිනි.

මිගමුව පොලිස් කොට්ටාශයේ සිවිල් ආරක්‍ෂක කමිටු මගින් ලබාදුන්   දැඩි සත්කාර ඇදන් 16 ක් හෘදරෝග ඒකකයට බාර දීමද මේ අවස්ථාවේදී සිදුවිය.

තමන්ට දිනපතාම ලැබෙන බුද්ධි තොරතුරු දුටු විට හදවත කම්පාවන බවත් වයස අවුරුදු 11 දැරීය දුෂණයකරනවා අවුරුදු 59 යේ  පුද්ගලයෙක් මේ නඩුව විභාග වෙන්නේ තවත් අවුරුදු 10 කින් 15 කින් ඒවනවිට ඒ දරුවා තරුණියක් බවට පත්වෙලා මේ නඩුව විභාග වන විට ඇය විවාහ වෙලා සිටියොත් විවාහය කඩාකප්පල් වෙනවා නැත්නම් විවාහයක් කරගන්න ලැබෙන්නේ නැහැඅන්තිමට  සැකකරු සම්පුර්ණයෙන්ම නිදහස් වෙලා යනවා.

එමනිසා ස්ත්‍රී දුෂණ ළමා අපචාර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ත මේන්තුව සමග එකතුවී ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ හමුවේ නඩුපවරා එම නඩු දිනපතා විභාගකර ඉක්මනින් නඩු විභාගකර වැරදිකරුවන්ට දඩුවම් කිරීමට කටයුතු කරනබවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

මත්ද්‍රවය උවදුර සම්පුර්නය්න්ම මැඩපවත්වනවා  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ජීවිතය අදුරුකරගත් විශාල තරුණ පිරිසක් ඇතිබවත් මින්පසුව ඔවුන්ට නඩු දමා සිරගෙයට යැවීම නතරකර ඔවුන් පුනරුත්තාපන කදවුරුවලට යවා පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් ලබාදී ඔවුන් යහපත්  පුරවැසියන් ලෙස සමාජ ගතකරන බවද  අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ප්‍රථමික සෞඛ්‍යවසංගත රෝග සහ කොවිඩ් රෝගය පාලනය කිරීම පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මිගමුව මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිර්මලා ලෝගනාදන් හෘදරෝග  විශේෂඥ වෛද්‍යවරුන් වන  දිස්නා අමරතුංග ,ගාමිණී ගලප්පති සහ මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන් සිගේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්

සහභාගී විය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.