22 C
Negombo
22 C
Negombo

අල්ලස් කොමිසමට ඔත්තුවක් -මිගමුව මහානගර සභාවේ  අල්ලස් ලබාගත් මන්ත්‍රීවරුන් හතර දෙනෙක්

-

මිගමුව මහා නගර සභාවේ පුස්තකාල ගොඩනැගිල්ලෙන් සහ පොළවල් වලින්  අල්ලස් ලබාගත් මන්ත්‍රීවරුන් සිටින බවත් කාගෙකාගේත් කිල්ලෝටවල හුනුටිකටික තිබෙන බැවින්  මේවා යටපත්කරගෙන කටයුතු කලයුතු බව නාගරික මන්ත්‍රීවරු පවසති

මන්ත්‍රීවරු මෙම අදහස් පලකලේ මිගමුව මහානගර සභාවේ 2021 ජනවාරි මහාසභා රැස්වීමේදීය.

නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 7 වනදා මහා නගරසභාවේ රැස්වීම ශාලාවේදී මහා සභාව  පැවැත්විණි.

මන්ත්‍රීවරුන්සහ නිලධාරීන්  සම්බන්ධයෙන් සමහර මාධ්‍යවල පලකරනු ලබන ව්‍යාජ සහ අසත්‍ය  ප්‍රවෘත්ති නිවැරදි කිරීමට කටයුතු කිරීමට සහ නිවැරදි නොකරන්නේ නම් එම ආයතන වලට එරෙහිව සිදුකරන නීතිමය ක්‍රියාමාර්ග සදහා වන වියදම් නගර සභාවේ අරමුදල් වලින් වැයකළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා ගෙන එන ලද යෝජනාව පිලිබදව අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් මෙම අල්ලස් චෝදනා පිලිබදව හෙළිදරවු කළේය

නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා එජාපය

2021 අයවැය සම්බන්දයෙන් විවිධ අසත්‍ය සහ පදනම් විරහිත කරුණු යොදාගනිමින් සමහර මාධ්‍යන් විසින් නගර සභාව කාර්ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රීවරුන්ට අපහාස වන ව්‍යාජ පුවත් පලකරනවා

ද ඒ නිසා සභාවේ කීර්තිනාමයට මෙන්ම නිලධාරීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට හානි වන බැවින් එම වැරදි පුවත් නිවැරදි කිරීමට කටයුතු කලයුතු යි

නිවැරදි කිරීම් නොකරන්නේ නම් රටේ පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කලයුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය

නාගරික මන්ත්‍රී රොහාන් ජීවානන්ද මහතා එජාපය.

ගම්වල ජනතාවට අවශ්‍ය නගර සභාවෙන් ගමට ඉටුවිය යුතු සේවය ඉටුකරවා ගැනීම බවත් කුමන පක්‍ෂයක් බලයේ සිටියත් ඔවුන් සමග සුහදව කටයුතුකර ප්‍රදේශයට සේවයකිරිම තමන්ගේ වගකීම බවද පැවසූ රොහාන් ජිවානන්ද මන්ත්‍රීවරයා තමන් කුමන්ත්‍රණ වලට හවුල් නොවන බවද ඉදිරි අයවැයේදී තමන් අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කරන බවද පැවසිය.

නාගරික මන්ත්‍රී මොහොමඩ් නෂ්මියාර්  මහතා එජාපය.

ගමේ ජනතාවගේ ජන්දයෙන් පත්වුනානම් ගමේ ජනතාවට සේවය කලයුතුයි මේ අන්තිම අවුරුද්දේ නගර සභාවේ ඝට්ටනයක් ඇතිකළේ අපට මුදල් දෙනවා කියුවේ එක්සත් ජාතික පක්ෂයේ අයනෙවෙයි පොහොට්ටුවේ අයයි අපි සල්ලි අරන් වැඩකරන්නේ නැහැ මම වැරදි කරන්නේ නැහැ ඒ නිසා මම මාධ්‍ය වලට බය නැහැ ලබන සැරේ මම අයවැයට පක්‍ෂව ජන්දය දෙනවා.

නාගරික මන්ත්‍රී දයාල් නිලංග ද සිල්වා  මහතා ශ්‍රීපොපෙ

නාගරික මන්ත්‍රීකම කියන්නේ ජරාමඩගොඩක් මම නාගරිකමන්ත්‍රී කෙනෙක් වුනේ පෙර කල කර්මයකට සමහර මන්ත්‍රීවරු කියනවා අල්ලස් ගත්තා පුස්තකාල ගොඩනැගිල්ලෙන් ගත්තා පොළවල් වලින්  ගත්තා කියල  මම නම් ඔය කියන දේවල් අරගෙන නැතිබව හදවතට එකගව කියන්න පුළුවන්   පුස්තකාල ගොඩනැගිල්ලෙන්  අල්ලස් ගත්ත මන්ත්‍රීවරු හතර දෙනක් ගැන මම දන්නවා.

නාගරික මන්ත්‍රී කැලිස්ටර් ජයකොඩි මහතා එජාපය.

මම අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශකලේ  අයවැයේ වරදක් හෝ නගරාධිපති තුමා සමග පුද්ගලික අමනාපයකට නොවෙයි අපගේ පක්‍ෂය සමගි ජනබල වේගය පළාත්පාලන ආයතනවල අයවැයට විරුද්ධව ජන්දය දිය යුතුබවට තීරණයක් ගත් නිසයි.

නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා  එජාපය.

ඇත්තටම මේක හොද යෝජනාවක් නගර සභාවට ලඝුනොකර රටවිදියට ගත්තත් පහුගිය කලේ අපි දැක්ක  ක්‍රමවේදය මේක තමයි  සමහර පක්‍ෂ කඩලවට්ටලා  දැම්මේ සමහර පක්‍ෂ ගොඩ ගියේ මේ මාධ්‍ය  හැසිරීම තුල.

නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචනා   ප්‍රඒජාපෙ

මම පන්සලේ  සිවුරු ඇරපු මිනිහෙක්  හීරලුවෙක් හුගක් දේවල් දන්නවා පුස්තකාල ගොඩනැගිල්ල ගැන කතාකරන්න පුළුවන් ඇන්ටනි ජයවීර හිටපු නගරාධිපති තුමා දන්නවා

මුදල්  ගත්තු නොගත්තු අය ගැන අපිදන්නවා.

නගරාධිපති තුමා  මේවා යටපත්කරගෙන අහිංසක අපට හිරි හැර කරන්න එපා.

මට ලැබුණු රැකියා පත්වීම්   මාගේ ඥාතින් අතර  බෙදාදුන්නා.ඔවුන්  තමයි  මගේ දේශපාලන ගමනේදී ලගින්ම උපකාර කරන්නේ.ඒක වරදක්ද?

හැම කිල්ලොටෙම හුණු ටික ටික තියෙනවාඒක නගරාධිපති තුමා මට වැඩිය හොදට දන්නවා

නගරාධිපති දයාන් ලාන්සා  ශ්‍රීපොපෙ

මම කැමතියි කපිල මන්ත්‍රී තුමාගෙන් දැනගන්න දවල් මිගෙල් රෑදනියෙල් වගේ හැසිරෙන්නේ ඇයිකියල.

කෙසෙල් ඇවරිය පක්ෂයෙන් පත්වෙලා පොදුජන පෙරමුණ සමග කටයුතු කල ඩෙක්ස්ටර්  මන්ත්‍රී තුමා එලවලා  මෛත්‍රී ගුණරත්න මහත්මයාගේ පක්‍ෂය නියෝජනය කරනවා

නගර සභාව ඇතුලෙදි එක්සත් ජාතික පක්‍ෂය සමග එකතුවෙලා අපේපක්ෂයට විරුද්ධව  කටයුතු කරනවා  මෙතනින් එලියට ගිහින් අපේපක්ෂය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග වැඩකරනවා.කියනත් ලජ්ජයි.

මම නම් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා මම දන්නවා මම කටයුතු කරන්නේ නිවැරදිව නිත්‍යානු කුලව බව නගර සභාවේ  තනතුරු මුදලට වික්කේ කවුද හොරකම් කලේ කවුද කියල තම තමන්  දන්නවා ඒක නිසා විදුරු ගෙවල් වල ඉදගෙන ගල්ගහන්න එපා.

මගේ කාලේ මොනවා හරි වැරදි දෙයක් වෙලා තියෙනවා නම් පෙන්නන්න කියලා ඔබතුමාට අභියෝග කරනවා.

යෝජනාව සදහා ජන්ද විමසීමක් සිදුකල අතර පාලක  ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග එහි හවුල්කාර පක්‍ෂත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද යෝජනාවට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරු හය දෙනෙක් යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.

විපක්‍ෂනායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මෙමෙ විවාදයේ දී අදහස් ප්‍රකශ කිරීමෙන් සහ ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිනු දක්නට ලැබුණි.

සංගිත්පෙරේරා මන්ත්‍රීවරයා ද තමන් යෝජනාවට ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින  බව ප්‍රකාශ කළේය.

යෝජනාව වැඩි ජන්දයෙන් සභා සම්මත විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.