නීති පතිවරයා විසින් චෝදනා 90ක් යටතේ අධිචෝදනා ගොනුකරනු ලැබූ මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී දීපාල් අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු එන් එස් හපුආරච්චි මහතා 11 දින නියෝගකළේය.
මෙසේ ඇපමත මුදාහරිනු ලැබූ අනෙක් විත්තිකරුවන් වුයේ හිටපු ප්‍රධාන ජේලර් උපාලි සරත්චන්ද්‍ර බණ්ඩාර වැඩබලන දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න දෙවනපෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කලුඅග්ගල බන්ධනාගාර නියාමකඑස් ඒ සමර වික්‍රම සහ පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු වන එස් කේ ඔගස්ටින් සහ තුවාන් රශ්මි ඩින් යන අයයි.
කුටලේඛන සැදීම බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙනයාම ඊට අනුබල දීම ඇතුළු චෝදනා 90 ක් යටතේ විතිකරුවනට එරෙහිව නීතිපති වරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මනේෂ් වෑවිට දන්ත නිරංජන චාමර ජයසිංහ අශෝක වීරසුරිය මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිකරුවන් දැනට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා සිටිනබවත් ඇප කොන්දේසි කිසිවක් කඩකර නොමැති තම සේවාදායකයන් මහාධිකරණයෙන් ලද සිතාසියක් මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඕනෑම කොන්දේසියක් යටතේ සුදුසු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.
එක් එක් සැකකරුට රුපියල් 50000 ක මුදල් සහ ලක්ෂ 5 බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත විත්ති කරුවන් ඇප මත මුදා හැරීමට නියෝගකල මහාධිකරණ විනිසුරු එන් එස් හපුආරච්චි මහතා සැම මසකම අවසන් ඉරුදින අපරාධ විමර්ශන අංශයේ මිනීමැරුම් අංශයේ පෙනීසිටින ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය
2021 මාර්තු 2 වන දින මෙම නඩුව නැවත කැදවීමට දින නියම විය .