දේශපාලඥයන් මෙන්ම නිලධාරින් නියෝජනය කරන්නේ මහජනතාවයි එම නිසා තීන්දු තීරණ ගැනීමේදී මහජන නියෝජිතයන් මෙන්ම නිලධාරීන්ද සාධාරණව කටයුතු කලයුතුබවත් එම තීරණ මහජනයා පිළිගන්නා ඒවා වියයුතු බවද ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මිගමුව සංවර්ධන කමිටුවේ සභාපති නිමල් ලාන්සා මහතා පැවසිය
අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ මිගමුව නගර ශාලාවේ 11 වනදින පැවති 2021 ජනවාරි මස සංවර්ධන කමිටු රැස්වීමේදී මුන්නක්කරය සාන්ත නිකුලා විදුහලේ දරුවන් ක්‍රීඩාකරන කුට්ටිකාඩුව දුපතේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කරදෙන ලෙස විදුහල් පතිතුමා විසින් ඉදිරිපත් කර තිබු ඉල්ලීම පිලිබදව සාකච්චා කල අවස්ථාවේදීය.
පරම්පරා කිහිපයක් ක්‍රීඩා කල කුට්ටිකාඩුව දුපත කලපුවක් බවට පත්කිරීමට උත්සාහ කරන බවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් චෝදනා කළේය.
කුට්ටිකාඩුව දුපතක් බව සියලු දෙනාම පිළිගන්නා කරුණක් බවත් එක් පුද්ගලයෙකුගේ උවමනාව මත දුපතක් කලපුවක් බවට පත්කල නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසිය.
මේ අනුව කුට්ටි කාඩුව දුපත මුන්නක්කරය පාසලේ දරුවන් ක්‍රීඩා කල ආකාරයට තැබීමට සංවර්ධන කමිටුව තීරණය කළේය.
මෙම සංවර්ධන කමිටු රැස්වීම සදහා වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්ත මේන්තු නියෝජනය කරමින් කිසිදු නිලධාරියෙක් සහභාගී නොවිය.