22 C
Negombo
22 C
Negombo

මීගමුවේ යලි කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ වර්ධනයක්

-

මිගමුව නාගරික සිමාවේ ස්ථාන කිහිපයක පදිංචි කරුවන් 155 කු සදහා සිදුකල පිසිආර් පරීක්ෂණ වල ප්‍රතිපල අනුව අද 14 දින  අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු හදුනාගෙන ඇතිබව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය.

මෙම 23 දෙනා අතරින් 11 දෙනෙකු හමුවී ඇත්තේ  තලාදුව නාගරික කම්කරු නිවාස වලින් වන අතර ඔවුන් නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන්ය.

මුන්නක්කරයෙන් ආසාදිතයන් 8 දෙනෙකු සහ  රාජපක්ෂ පළල්පාරෙන්  ආසාදිතයන් දෙදෙනෙකුද හමුවී ඇත.

මිගමුව නාගරික සිමාවෙන් මේවනවිට හමුවී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 391 කි 298 දෙනෙකු සුවය ලබා නිවෙස් වලට පැමිණ ඇත.

අලුතින් හදුනා ගත් ආසාදිතයන් රෝහල් ගතකිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමුකරන බවත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.