මිගමුව නගර සීමාවතුලදී අද දිනයේ පමණක් කොව්ඩ් 19 ආසාදිතයන්45 දෙනෙකු වාර්තාවී ඇත.
මේ අය අතරින් 36 දෙනෙකුම වාර්තාවී ඇත්තේ මිගමුව කට්ටුව බේස්ලයින් පාරේ පවත්වාගෙන යන බෙටෙස්ඩා පුනර් ජිවන මධ්‍යස්ථානය නමැති ආයතනයෙනි.
මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනයකිරීම සදහා නේවාසිකව නතර කරගෙන සිටින අතර 100 ක් පමණවූ පිරිසෙන් 50 දෙනෙකුට සිදුකල පිසිආර් පරීක්ෂණ ප්‍රතිපල අනුව 36 දෙනෙකුට කොව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇත.
බෝට්ටුවක සිටි ධිවර කාර්මිකයන් 5 දෙනෙකු සදහා සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඔවුන් පස්දෙනාම ආසාදිතයන් ලෙස හදුනා ගත් බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය
මිගමුව ලංගම ඩිපෝවේ සේවක මහතුන් දෙදෙනකු සහ මීගමුවේ එල් බි ෆිනෑන්ස් ආයතනයේ කාර්යමණ්ඩලයේ සාමජිකාවකට සහ ඇයගේ මවද පිසිආර් පරීක්ෂණ ප්‍රතිපල අනුව ඔවුන් දෙදෙනාටද කොව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇත.
අදවනවිට මීගමුවෙන් වාර්තාවන සමස්ත කොව්ඩ් 19 වෛරසය ආසාදනය වී ගණන 434 දක්වා ඉහල ගොස් ඇත.
ආසාදිතයන් රෝහල් ගතකිරීමට සහ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව මිගමුවප්රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි.