30 C
Negombo
30 C
Negombo

මිගමුව සමුපේ තවත් 38 ක් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

-

මිගමුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන  කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 38 දෙනකු කෝවිඩ්19 වෛරසය  ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත.

අද 17 දින ලැබුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 140 ක් සදහා සිදුකල පිසිආර් පරීක්ෂණ ප්‍රතිපල   අනුව   38 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත

සැකසහිත 12 දෙනෙකු දෙනෙකු සිටිනබවද ඔවුන්  සදහා නැවත පිසිආර් පරීක්ෂණ සිදුකරන බව ප්‍රධාන   මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පැවසිය.

මේ අය සමුපකාරයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයෙන් කලින් හදුනාගත් ආසාදිතයන් 5 දෙනාගේ ආශ්‍රිතයන්

මිගමුව නාගරික සිමාවෙන් ඊයේද කෝවිඩ්19 වෛරසය  ආසාදිතයන්45 දෙනෙකු වාර්තාවූ අතර ඔවුන් අතරින් 36 දෙනකුම වර්තාවුයේ දේවගැතිවරයෙකු විසින් කට්ටුව ප්‍රදේශයේ  පවත්වා ගෙනයන බෙටෙස්ඩා පුනර් ජිවන මධ්‍යස්ථානය නමැති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයකිනි.

ආසාදිතයන් රෝහල් ගතකිරීමට සහ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය

අද වනවිට මිගමුව නගර සිමාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 472 කි

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.