27 C
Negombo
27 C
Negombo

මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් ඉවත්කරනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

-

මුතුරාජවෙල අභයභූමිය තුළ අනවසරයෙන් පුරවා ඇති  ස්ථාන ඇත්නම්  දැනුම් දෙන ලෙස පහත්බිම් සංවර්ධන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතනවලට අපි ඉල්ලීමක් කර තිබෙනවා   එම ගොඩකිරීම් සියල්ල   හාර ඉවත්කර පෙර  තිබුණ තත්ත්වයට පත් කරනවා.“ යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව වැල්ලවීදිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට (16) දින සහභාගි වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, මුතුරාජවෙල රක්ෂිතයේ  තුළ හෝටල් සංකීර්ණඉදිකරන්න ගොඩකරන්න කිසිවකුට ඉඩනොදෙනබවත් කාදිනල් හිමිපාණන් රක්ෂිතය රැකගැනීම පිළිබද  දැක්වූ  අදහස් යෝජනා සමග තමන්  එකග වන බවද සදහන් කළේය.

මුතුරාජවෙල මීගමුව කලපුවටත් සම්බන්ධ වනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්බිම්වල  වල ජලය බැස යන්නේ මෙම රක්ෂිතයේ  වගුරු බිම්වලටසහ කලපුවට  දැනටමත් වගුරු බිම ගොඩකිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්බිම් සුළු වැස්සකට පවා ජලයෙන් යටවෙනවා.

ඒ නිසා මුතුරාජ වෙලා මෙන්ම මිගමුව කලපුව රැකගැනීම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු වශයෙන් තමන්ට පැවරී ඇති වගකීමබවත් ඒ සදහා ජනතාව සමග අත්වැල් බැදගනිමින් කටයුතු කරනබවද රාජ්‍ය අමාත්‍ය වරයා තව දුරටත් පැවසිය.

මුතුරාජවෙල අභයභූමිය තුළ කිසිවකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.