30 C
Negombo
30 C
Negombo

බීමතින් රිය අනතුරක් සිදුකර පලාගිය උපකාරක පංති ගුරුවරයා රිමාන්ඩ් බන්ධනාගාරයට

-

බීමතින් රිය පදවා පුද්ගලයකුට බරපතල තුවාල සිදුකර පලාගිය බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු මෙමස 20 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා 16 දින නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දිවුලපිටිය හුනුමුල්ලේ පදිංචි ගයාන් සම්පත් නමැත්තෙකි

මීගමුව දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනයවූ සැකකරු පැදවූ මෝටර් රථයේ මහහුණු පිටිය ගුවන් හමුදා මාර්ග බාධකය ආසන්නයේදී පුද්ගලයෙකු ගැටී ඇත.

මෙම අනතුර දුටු ගුවන් හමුදා නිලධාරීන් මෝටර් රථය නතරකරන ලෙස කල දැනුම් දීමද නොතකා පලායමින් සිටි සැකකරු පැදවූ මෝටර් රථය  තිබිරිගස්කටුව ප්‍රදේශයේදී විදුලිකනුවක ගැටී නතරවී ඇත.

මෙම අවස්ථාවේදී කටාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයහමුවට පැමිණ වූ අවස්ථාවේ ඔහුවෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ට නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා බන්ධනාගාරය තුල කෝවිඩ් වසංගතය ඇති බැවින් සහ වින්දිත තුවාලකරුට වන්දියක් ලබාදීමට සුදානම් බවත් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදහාරින ලෙස ඉල්ලාසිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ කටාන පොලිසියේ සැරයන් 36397 පුත්‍රසේන බස්නායක මහතා

අනතුර සිදුවීමෙන් පසු සැකකරු ඉතාමත් අමානුෂික ලෙස කටයුතු කරමින්  රෝගියා මහමග දමා පලාගොස් තිබෙනවා සිදුකල විමර්ශන වලදී සැකකරු අධිකලෙස බිමත්ව රිය පදවා ඇති බව අනාවරණය වී තිබෙනවා

රෝගියා බරපතල  තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වනබව පැවසිය.

දෙපාර්ශවය ඉදිරිපත්කල කරුණු සැලකිල්ලට ගත් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා සැකකරු   මෙමස 20 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.