30 C
Negombo
30 C
Negombo

බීමතින් අනතුරක් සිදුකර පලාගිය ගුරුවරයා තවදුරටත් රිමාන්ඩ්

-

බීමතින් අධික වේගයෙන්  රියපදවා මහමගගමන්කල 54 හැවරදී පුද්ගලයකුට බරපතල තුවාල සිදුකර පලාගිය උපකාරක පන්ති ගුරුවරයෙකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කල මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර් එම පි චම්පික රාජපක්‍ෂ මහතා  සැකකරු පෙබරවාරි  මස 3 වන  වනදින දක්වා තව දුරටත්  රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

මෙසේ දෙවන වරටත් ඇප  ප්‍රතික්‍ෂේපවී    රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දිවුලපිටිය හුනුමුල්ලේ පදිංචි ගයාන් සම්පත් නමැත්තෙකි

මීගමුව දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනයවූ සැකකරු පැදවූ මෝටර් රථයේ මහහුණු පිටිය ආසන්නයේදී පුද්ගලයෙකු ගැටී ඇති අතර නොනවත්වා අධිකවේගයෙන් පලායමින් සිටි සැකකරු පැදවූ මෝටර් රථය  තිබිරිගස්කටුව ප්‍රදේශයේදී විදුලිකනුවක ගැටී නතරවී ඇත

මෙම අවස්ථාවේදී කටාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ට නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනීසිටි අතර කටාන පොලිසියේ සැරයන් 36397 පුත්‍රසේන බස්නායක මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්විය

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.