30 C
Negombo
30 C
Negombo

පාරිභෝගික අංශයෙන් ලක්‍ෂ 150 ක ලාභයක් ඉපයූ -මිගමුව සමුපකාර සමිතියේ සාමාන්‍යධිකාරී එලවීමේ කුමන්ත්‍රණයක්

-

අභූත චෝදනා එල්ලකරමින් මිගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යධිකාරී රෝෂිණි ප්‍රදීපා මහත්මියට  අපහාස කිරීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ඇතිබව සේවකයෝ පවසති.

පාඩු ලබමින් තිබු සමිතියේ පාරිභෝගික අංශයෙන්  ලක්‍ෂ 150 හකට ආසන්න ලාබයක් පසුගිය වසරේදී උපාය ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ බොහෝ ආයතන සේවක වැටුප් වලින් අඩක් ගෙවූ නමුත් සම්පුර්ණ වැටුපත් පාරිභෝගික අංශයේ  සියලුම සේවකයන්ට දෙසැම්බර මාසයේ දිරි දීමනා ලෙස රුපියල් 15000 බැගින් ගෙවා ඇත.

සංචරණ සිමා පනවා තිබු කාලයේ නොපැමිණි සේවකයන්ගේ පැමිණීමේ දිරි දීමනාද ගෙවීමට  කටයුතු කර ඇත.

සමුපකාර කොමසාරිස් වරයාගේ පාලනය යටතේ පවතින මෙම සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය මෙතෙක් පත්වී නැති අතර ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සියලු පරිපාලන වගකීම් ඉටුකරනු ලබන්නේ සාමාන්‍යධිකාරී වරිය ඇතුළු නිලධාරීන් විසිනි.

කොවිඩ් රෝගීන් වාර්තාවීමත් සමග සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව  ප්‍රධාන කාර්යාලය සහ තොග ගබඩාව වසා ඇති මේ අවස්ථාවේදී රෝහලට අවශ්‍ය අමු එළවලු මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිරෝධායනයට යොමුකර ඇති පවුල් සදහා ලබාදෙන වියලි ආහාර මලු අඛණ්ඩව ලබාදීමට කටයුතු සිදුකර තිබේ.

මිගමුව නගරයේ පිහිටි පොලිසිය රෝහල ඇතුළු රාජ්‍ය ආයතන සදහා නය පදනම යටතේ ඉන්ධන නිකුත්කරනු ලබන්නේද සමුපකාරයේ ඉන්දන පිරවීම් හලෙනි.

එහි කටයුතුද අඛණ්ඩව පවත්වාගෙන යාම අගය කලයුතුබවද සේවකයෝ පවසති.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.