30 C
Negombo
30 C
Negombo

කටානේ ගිනිඅවි ගබඩාවක් වැටලු STF මෙහෙයුම

-

කටාන  මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනිඅවි ගබඩාවක් වැටලු ගෝනහේන විශේෂ කාර්ය බලකාය බලපත්‍ර නොමැති  ගිනිඅවි අටක් ජිව උණ්ඩ 1171 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව විශේසකාර්ය බලකායේ යතුරුපැදි අංශයේ නිලධාරින්ද සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් මහතා විසින් මෙම වැටලීම මෙහෙයවා තිබිණි

බොර 12 ගිනිඅවි හයක්  රිවෝල්වරයක් සහ පිස්තෝලයක් මෙම ගිනි අවි සදහා යොදා ගන්නා ජිව උණ්ඩ 1171 ද අත්අඩංගුවට ගෙන ඇත.

55 හැවරදී සැකකරු සන්තකයේ තිබීහමුදා නිලධාරී භාවිතා කරන කැලා ඇදුම් දෙකක් සහ දුම් බෝම්බයක් ද සොයාගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවි වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටාන පොලිසිය වෙත බාරදී ඇත.

 

මෙම වැටලීම සදහා විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක පි කේ සි ප්‍රදීප් පොලිස් සැරයන් වරුන්වන 5238 රාජපක්‍ෂ6655 විජේදාස 2909 සම්පත් සහ පොලිස් කොස්තාපල්වරුන්වන 9170 පෙරේරා 78296 කුමාර 82880සජිව 10238 සදනුවන් 20917 චාමර 76993 සුබසිංහ 87403 සම්පත් 87951 හේරත් 38969 නුවන් සහ 20325 තිලකරත්න යන නිලධාරින් ද සහභාගීවී ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව කටාන පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන  වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.