ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් නැතිබවත් පේල් වී ඇත්තේ ජේ ආර් ජයවර්ධන ආරම්භකළ ප්‍රේමදාස රනිල් පවත්වාගෙන ගිය නවලිබරල් වාදය බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි .
ඔහු මෙම අදහස් පලකලේ ජාතික ජනබල වේගය සංවිධානය කල ආණ්ඩුවට අවුරුද්දයි රට කොයිබටද තේමාව යටතේ 10 දින මීගමුවේ පැවති සම්මන්ත්රනයක ප්‍රධාන දේශනය පවත්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් පලකල ටිල්වින් සිල්වා මහතා
නිදහසින් පසු රට පාලනය කල සියලු ආණ්ඩු විසින් සිදුකල වැරදි ආර්ථික කළමනාකරණය නිසා අද වනවිට රට විශාල නය උගුලක සිරවී තිබෙනවා.
ගත්නයවලට හිලවුවන්නට රටේ සම්පත් ඉන්දියාව සහ චීනය අත්පත්කරගනිමින් සිටිනවා චීනයට හම්බන්තොට වරාය දුන් නිසා ඉන්දියාව කොලබ වරායෙන් කොටසක් ඉල්ලනවා චීනය සහ ඉන්දියාව අතර ඇති කලාපිය වෙළද සහ බල අරගලයට මැදිවීමටත් මේ අසීමිත නයගැනීම බලපෑවා.
අලුතින් දේශීය නිෂ්පාදන ඇතිකරමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම නවතා සමාජවාදී රටවලින් ලැබුණු ඔරුවල වානේ කැලණියේ ටයර වැනි නිෂ්පාදන ආයතන විකුණා දමමින් රටින් ගෙනත් නයට කන ජාතියක් බවට මේ පාලකයන් රට පත්කලා.
ඕනෑම බලගතු ආණ්ඩුවක් සංවිධානාත්මක ජනබලය ඉදිරියේ පැරදවිය හැකිබව වරායේ නැගෙනහිර ජැටියේ අරගලයේදී පෙන්වුම් කළබවත් මර්ධනයෙන් ජනමතය යටකළ නොහැකිබවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හර්නි අමරසුරිය සහ වසන්ත දිසානායක මහතාද සම්මන්ත්‍රණය ඇමතීය
[…] post ඝෝඨාභය රාජපක්ෂ අසමත් නෑ -ටිල්වින් සිල… appeared first on Negombo […]