30 C
Negombo
30 C
Negombo

පොහොට්ටුව නටවන්න එක එකාට ඉඩ දෙන්න බෑ – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

-

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංකාවේ තිබෙන ශක්තිමත්ම පක්ෂය බවත් එම පක්‍ෂය එක එකාට නැටවීමට ඉඩදිය නොහැකිබව  ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ  ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මිගමුව ආසන බලමණ්ඩලය අමතමිනි.

බලමණ්ඩල රැස්වීම මිගමුව නගර ශාලාවේදී අද 14  පසවරුවේ පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල නිමල් ලාන්සා මහතා .ඝෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ තනතුරක් අවශ්‍යනම් එය පක්ෂ සාමාජිකයන් ලබාදේවි නැත්නම් සහෝදරයන් කතාකර ඒ පිලිබදව තීරණයකට පැමිණෙයි.

අපේ පක්ෂයේ තනතුරු ගැන කතාකරන්න වෙන පක්ෂවල අයට සදාචාරාත්මක අයිතියක් නෑ .විශේෂයෙන්ම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ගොඩනගද්දී එයට එරෙහිවූ අයට.

අන්ඩුවේ ඉන්නවනම් අන්ඩුවේ තීරණවලට එකග වෙන්න ඕන ආණ්ඩුවේ ඇතුලේ ඉදන් විපක්ෂයේ කාර්යභාරය කරන්න බැහැ එහෙම අවශ්‍යනම් ආණ්ඩුවෙන් එලියට යන්න ඕන

මේ සමහර ජාතිකනායකයන් කියන අයට ඕන ජනතාව දුප්පත් වනවා දකින්න ආප්ප කඩයක් වත්නොකරපු අය ආයෝජන ගැන කතාකරනවා ආයෝජන වලට විරුද්ධ වෙනවා

කොලබ ඉදන් වොයිස් කට් දෙන මේ අයට ගමක ශාඛා සමිතියක් බලමන්ඩලයක් ජන්ද දහයක් නෑ බොරු වචන සෙට් එකක් තියෙනවා බොරු අධිරාජ්‍යවාදී විරෝධයක් පෙන්නනවා අදින්නේ යුරෝපිය ඇදුම් සපත්තු දෙක ජර්මනියෙන් රස්සාවක් ව්‍යාපාරයක් නැතුව අපට වඩා හොදින් ජීවත්වෙනවා මේ අයට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙනවා මේ අය හසුරවන්නේ ඔවුන් විසින් .

ඒක එකා දමල වොයිස් කට් නොදී කෙලින් සටනට එන්න කියල මම ඒ අයට අභියෝග කරනවා යයිද පැවසිය.

දෙකෙන් එකක් බේරා ගන්න අවශ්‍යයි මුන් එක්ක ගියොත් රටේ ජනතාවට කිසිම දෙයක් කරන්න ආණ්ඩුවට ඉඩ නොලැබෙන බවද පැවසූ නිමල් ලාන්සා මහතා මේ පණිවුඩය ගමට ගෙනයන ලෙසද පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය

කෝප්කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඇතුළු තවත් කථිකයන් කිහිපදෙනක් බලමණ්ඩල රැස්වීම අමතනු ලැබිණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.