මිගමුව බන්ධනාගාරයේ තාප්පයෙන් ඇතුලට හෙරොයින් ඇතුළු තහනම් ද්‍රවය තොගයක් විසිකිරීමට සුදානමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මිගමුව පොලිසියේ දුෂණ මර්ධන අංශය විසින් 13 දින අත්අඩංගුවට ගෙන ඇත.
දුෂණ මර්ධන ඒකකයේ ස්ථාන්ධිපති උපපොලිස් පරීක්ෂක රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාරය පිටුපස තාප්පය අසලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් බන්ධනාගාරය තුලට දැමීමට සුදානම් කරතිබූ පාර්සලය තුල හෙරොයින් මිල ග්‍රෑම් 8 ක් දුම්කොළ හතක් ලයිටර් 10 ක් ජංගම දුරකතනයක් සහ දුරකථන චාජරයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදුව රාජපක්ෂ පුරයේ සහ මිගමුව ශාන්ත ජෝශප් විදියේ පදිංචි කරුවන්ය.
බන්ධනාගාරය තුල හෙරොයින් ඇතුළු මත්ද්‍රවය ඉතා ඉහල මිලගණන් වලට අලවිවන අතර දුම්කොලයක් රුපියල් 25000 ක් පමණ වනබව දැනගන්නට ඇත.
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේර මහතාගේ උපදෙස් සහමුලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ අධික්ෂණයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 62062 ආනන්ද පොලිස් රියදුරු 37619 සමන්ත යන නිලධාරින්ද සහභාගිවී ඇත.
[…] […]