30 C
Negombo
30 C
Negombo

කටාන ගිනි අවිගබඩාවේ හිමිකරුට ඇප

-

කටාන මිරිස්වත්තේ සබිඩියා වතුයාය තුල අනවසර ගිනි අවි ගබඩාවක් පවත්වාගෙන යනලදැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් 7500 ක මුදල් සහ රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත ඇප පිට මුදාහරින ලෙස මිගමුව අතිරේඛ මහේස්ත්‍රාත් ආර් එම පි චම්පික රාජපක්‍ෂ මහතා 12 දින නියෝග කළේය

ඇප නියමවූ සැකකරු වුයේ බටහිර කටාන සබිඩියා වත්තේ පදිංචි මිගමුව රයිපල් සමාජයේ සභාපතිවරයා බවකියන ඉක්බාල් ඩින් නිශාන් 55 නමැත්තෙකි.

නිතිවිරෝධිව ගිනිඅවි ගබඩාවක් පවත්වාගෙන යනබට ගුවන් හමුදාවේ බුද්ධි අංශයමගින් ලබාදුන් තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය සහ යතුරුපැදි අංශය එක්ව වැටලීම සිදුකරනු ලැබිය.

වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ගිනිඅවි 6 ක් රිවෝල්වරයක් පිස්තෝලයක් විවිධ වර්ගයේ ජිව පතරොම් 1171 ක් දුම්බෝම්බයක් ආරක්‍ෂක හමුදා විසින් භාවිතා කරන කැලෑ ඇදුම් දෙකක් සමග වැඩිදුර විමර්ශන සදහා කටාන පොලිසිය වෙත  භාරදී තිබුණි.

කටාන පොලිසිය විසින් සිදුකල විමර්ශනයේදී අත්අඩංගුවට ගත් ගිනිඅවි වලට අදාල බලපත්‍ර සැකකරු විසින් පොලිසියට ඉදිරිපත්කර ඇත.

එහෙත් ටි 56 වර්ගයේ ජිව උණ්ඩ දෙකක් සහ මිලිමීටර් 9 උණ්ඩ 10 ක් ඔහු සන්තකයේ වැඩිපුර තිබී ඇත.

අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී සැකකරු මේ පිලිබදව වරද පිළිගෙන ඇත.

උපපොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත ලාල් මහතා පැමිණිල්ල මෙහෙයවිය සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනිසිටියේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.