30 C
Negombo
30 C
Negombo

බන්ධනාගාරයේ සිටින බිරිදගේ උපදෙස් අනුව හෙරොයින් ප්‍රවාහනයකළ සැමියා අත්අඩංගුවට

-

හෙරොයින් ග්‍රෑම් 15ක් සහ මිලිග්‍රෑම් 330 ක් සමග මිගමුව කොට්ටාශ අපරධ විමර්ශන කාර්යාංශය විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙමමස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා 13 දින නියෝග කළේය

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මිගමුව මන්ත්‍රී වත්තේ පදිංචි කරුවෙකු බවකියන 39 හැවරදී අතුල කුමාර නමැත්තෙකි.

මහාපරිමාණ මත්කුඩු ජාවාරමකට මොහුගේ බිරිද බන්ධනාගාර ගතව සිටින අතර ඇය විසින් ලබාදෙන ලද ඇනවුමකට අදාලව රුපියල් 225000 ක් පමන වෙළද පොළ  වටිනා කමක් ඇති හෙරොයින්  ප්‍රවාහනයට සුදානම්ව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක අෂේන් චාමිකර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා ගේ උපදෙස් අනුව   කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන්    සිදුකල මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 38899 දිසානායක කොස්තාපල්  64621 සුමිත් 48929 චන්දන 84546 නිමේෂ් සහ පොලිස් රියදුරු 89904 මදුෂංක යන නිලධාරින්ද සහභාගිවී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.