30 C
Negombo
30 C
Negombo

ඉහල යන මුහුදු රළ ගොඩබිමට කාලගුණයෙන් නිවේදනයක් පදිංචිය වෙරළ අයිනේනම් පරිස්සමෙන්

-

මුහුදු රළ ඉහල යාම සහ රළ ගොඩබිමට පැමිණීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත්කර ඇත.

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.