30 C
Negombo
30 C
Negombo

මිගමුව කටාන සහ දිවුලපිටියේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ වර්ධනයක්

-

මිගමුව කටාන සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලින් කෝවිඩ් 19 වෛරසය අසාදනය වූ රෝගීන් අලුතින් හමුවීමේ  වර්ධනයක්  ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පවසති.

කටාන සහ දිවුලපිටිය  ප්‍රදේශ වල සිදුකල පි සි ආර් පරීක්ෂණ වලින් වර්තා වූ  ආසාදිතයන් 57 දෙනෙකු  අදවනවිට නිවෙස්වල සිටිනබවත් ඔවුන් අතුරින් 28 දෙනෙකු කටානේ වන අතර 29 දෙනෙකු දිවුලපිට්යේ සිටිනබව බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්‍ෂක එස් ඒ යු පි කුලතිලක මහතා ප්‍රකාශකරයි.

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් වාර්තාවී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 682 ක් වන අතර  කටානේ එම සංඛ්‍යාව 395 කි

මිගමුව මහනගර සභාබල  ප්‍රදේශයෙන් 16 දින අලුතින් ආසාදිතයන් 30 දෙනෙකු හදුනාගෙන ඇතිඅතර එම ඇය අතුරුන් 27 දෙනෙකු වාර්තාවී ඇත්තේ මුනක්කරය ප්‍රදේශයෙන්   බව පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය.

එම 27 දෙනා වාර්තාවී ඇත්තේ 60 දෙනෙකු සදහා සිදුකල පිසිඅර්  පරීක්ෂණ වලිනි.

ලොයොලා විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුද ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇතිබවත් මීගමුවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 802 ක් බවත් මේවනවිට සිදුව ඇති කොව්ඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3 ක් වනබව මිගමුව ප්‍රධන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුනරත්න මහතා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.