ළදරුවන් ගේ ශ්‍රවණ ගැටළු ඉපදී දින කිහිපයකින් හදුනා ගතහැකි රුපියල් ලක්ෂ 97 ක වටිනා ශ්‍රවණ පරීක්ෂණ උපකරණ දෙකක් මිගමුව සහ නුවර රොටරි සමාජ විසින් මිගමුව මහරෝහලේ උගුර කන නාසය අංශයේ ප්‍රයෝජනය සදහා බාරදීම 16 දින සිදුවිය.
මෙම උපකරණය මගින් ළදරුවන්ට යම් ශ්‍රවණ ආබාධයක් තිබේදැයි කුඩා කාලයේදීම හදුනා ගැනීමට හැකියාව ඇතිබවත් ඒ අනුව එම දරුවන්ට වයස අවුරුද්දක් ගතවීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම මගින් ගොළු බිහිරිබව ඇතිවීම වලක්වා ඇසීම සහ කථනය සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකියාව ලැබෙනබව පරිත්‍යාගය බාරගැනීමට එක්වූ මිගමුව මහරෝහලේ උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රේමලාල් ද මේල් මහතා පැවසිය.
මෙම අවස්ථාවට මිගමුව මහරෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය මිගමුව රොටරි සමාජයේ සභාපති මොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගි විය.
උපකරණ බාරදුන් අවස්ථාව ජයාරුපවලින් දැක්වේ
[…] […]