30 C
Negombo
30 C
Negombo

මීගමුවෙන් දෙනියායට ගිය MIS CALL ප්‍රේමය….

-

මිගමුව ප්‍රදේශයේ  බාලවයස්කාර දැරියක් දෙමවුපියන්ගේ බාරකාරිත්වයෙන් පැහැරගෙන ගිය බවට චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගතකර  සිටි තරුණයෙකු සහ ඔහුට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරෙකු ලක්‍ෂ දෙක බැගින්වූ ශරීර ඇපමත ඇපපිට මුදාහැරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය 16 දින නියෝග කළේය.

නොහදුනන දුරකථන අංකයකින් හදුනාගත් දෙනියාය ප්‍රදේශයේ තරුණයෙකු සමග මිගමුව ප්‍රාදේශයේ පාසැල් සිසුවියක් පෙමින් බැදී ඇති අතර මාස කිහිපයක ඇවෑමෙන් තමන්ට නිවසේ සිටිය නොහැකිබව පෙම්වතිය විසින් පෙම්වතාට දන්වා ඇත.

මේ අනුව ත්‍රි රෝද රථයකින් මීගමුවට පැමිණි දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 25 ස් හැවරදී තරුණයා 14 හැවරදී පෙම්වතිය දෙනියායේ තම නිවස වෙත කැදවාගෙන ගොස් ඇත.

තම පුතු විසින් කැදවාගෙන පැමිණ ඇත්තේ බාලවයස්කාර දැරියක් බව දැනගත් තරුණයාගේ දෙමවුපියන් දරුවන්  දෙදෙනාම දෙනියාය පොලිස් ස්ථානයට බාරදී ඇත

.මිගමුව පොලිස්  ස්ථානය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි

දැරියට ශාරීරික වශයෙන් කිසිදු අනතුරක් සිදුවී නැතිබවත් ඇයගේ මවසමග හොදින් සිටිනබවට  ඉදිරිපත්වූ පරිවාස වාර්තා හා සියලු  කරුණු සලකා බැලීමෙන් පසු  සැකකරුවන් දෙදෙනාට ඇප නියමවිය.

නීතිඥ සම්පත් කරුණාතිලක මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර වැඩිදුර විභාගය මැයි මස 30 දින පැවැත්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.