30 C
Negombo
30 C
Negombo

මුන්නකරයට පිටිපනට කොවිඩ් එන්නත හෙට සිට

-

මුන්නකරය ,පිටිපන  උතුර  සහ සිරිවර්ධන පෙදෙස යන ග්‍රාමනිලධාරී වසම් වල කොවිඩ් ප්‍රතිශක්තිකරණ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම හෙට 19 වන දිනසිට ආරම්භ කරන බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.

පිටිපන උතුර ග්‍රාමනිලධාරී වසමේ පදිංචිකරුවන් සදහා පිටිපන සායනයේදී සහ මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙසේ ග්‍රාමනිලධාරී වසම වල  පදිංචි කරුවන් සදහා සිරිවර්ධන පෙදෙසේ සායනයේ දීද එන්නත ලබාදීම 19 ,20,සහ 21 දිනවල සිදුකරයි.

වයස අවුරුදු 30 ත් 60 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය සදහා එන්නත ලබාදෙන බවත් කටකථා වලට නොරැවටී  එන්නත ලබාගැනීමට  පැමිණෙන ලෙස මිගමුව ප්‍රධාන මහජන පරීක්‍ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා ඉල්ලීමක් කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.