30 C
Negombo
30 C
Negombo

මිගමුව මහානගරසභාවේ අභ්‍යාස පොත් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

-

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ පදිංචි අඩු අදායම ලාභී පවුල්වල පාසල්යන දරුවන්ට නොමිලයේ  බෙදාදීමට මුද්‍රණය කල  අභ්‍යාස පොත් තොගයක් වැල්ල විදියේ පොත් වෙළද සැලක විකිණීම සදහා තබා තිබියදී මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙළද සැලට ගිය මහානගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මෙම පොත් තොගය පිලිබදව මිගමුව පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව වෙළද සැලේ හිමිකරු සමග  රුපියල් 20000 ක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති පොත් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව වෙළදසැලට පොත් ලබාදුන් මීගමුවේ  තරුණ සංවිධානයක සභාපතිවරයෙකු බව කියන  සැකකරු හදුනාගෙන ඇති බව පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.